ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත ඌනා මැකෝලේ මහත්මියගේ ජීවිතයට සහ මෙහෙවරට විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ප්‍රණාමය පුද කරයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත ඌනා මැකෝලේ මහත්මියගේ ජීවිතයට සහ මෙහෙවරට විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ප්‍රණාමය පුද කරයි

 

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත, අභාවප්‍රාප්ත ඌනා මැකෝලේ මහත්මියගේ ජීවිතයට සහ මෙහෙවරට ප්‍රණාමය පුද කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට සිටින එක්සත් ජාතීන්ගේ කණ්ඩායම සමග එක්වෙයි.

එක්සත් ජාතීන් සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාවට මඟ පෙන්වූ, ඇයගේ ප්‍රඥාව, ශක්තිය, අනුප්‍රාණය සහ හොඳහිත සැමවිටම අපගේ අගය කිරීමට බඳුන්වනු ඇති අතර අප මතකයේ සදාකල් රැඳෙනු ඇත. මානව හිතවාදී ගුණයෙන් සහ සර්වශුභවාදීබවෙන් පිරිපුන් ඇය, එක්සත්බව සහ මිනිසත්බවට ඇති ගෞරවය උදෙසා වූ දැක්මක් සහිතව අනාගතය දෙස බලන්නට සියල්ලන් දිරිගැන්වූවාය.

ඇය නැති අඩුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලු දෙනා හට දැඩි ලෙස දැනෙනු ඇත.

ඇයගේ අභාවයෙන් සංවේගයට පත්ව සිටින අපි, අපගේ බලවත් ශෝකය ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත පළ කර සිටින්නෙමු.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 පෙබරවාරි 24 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close