ශ්‍රී ලංකාව සඳහා ස්විට්සර්ලන්තයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා ස්විට්සර්ලන්තයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කිරීම

ස්විට්සර්ලන්ත ෆෙඩරල් කවුන්සිලයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව ශ්‍රී ලංකාව සඳහා ස්විට්සර්ලන්තයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඩොමිනික් ෆර්ග්ලර් මැතිතුමා පත්කර තිබේ.  මීට ප්‍රථම එම ධූරය හොබවන ලද්දේ හාන්ස් පීටර් මොක් මැතිතුමා විසිනි.  එතුමා 2020 සැප්තැම්බර් 30 වැනි දින පෙරවරු 11.00 ට කොළඹ 01, ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සිය අක්ත පත්‍ර ප්‍රදානය කර තිබේ.

 

විදේශ අමාත්‍යාංශය

ජනරජ ගොඩනැගිල්ල‍

කොළඹ 01.

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close