2025 සැප්තැම්බර් 18 වැනි බ්‍රහස්පතින්දා පැවති සුහද දුරකථන සංවාදයකදී, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, යුක්රේනයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ යුනෙස්කෝ සංවිධානය සඳහා යුක්රේන ජාතික කොමිසමේ ප්‍රධානී මරියානා බෙට්සා සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන මණ්ඩලවදී දෙරට විසින් එකිනෙකාගේ අපේක්ෂකත්වයන් වෙනුවෙන් මෑතකදී ලබා දුන් අන්‍යෝන්‍ය සහයෝගය ඇතුළුව, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංසදවලදී ශ්‍රී ලංකාව සහ යුක්රේනය අතර පවතින සුහදශීලී සහයෝගීතාව පිළිබඳව සම්භාවනීය නියෝජිතවරු දෙදෙනාම සඳහන් කළහ.
මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සිදු වූ සංවර්ධනයන් පිළිබඳව සිය පාර්ශ්වකරු දැනුවත් කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර විසින් මෙම අවස්ථාව යොදා ගත් අතර දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව ප්‍රකාශ කළේය.
සමීප සබඳතා වර්ධනය කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්රවල සහයෝගීතාව සඳහා වන අවස්ථා ගවේෂණය කිරීම උදෙසා දෙරටේ අන්‍යෝන්‍ය කැපවීම මෙම සංවාදයේදී ඉස්මතු විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 සැප්තැම්බර් 19 වැනි දින


