කැනඩාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කෙරෙයි : ආසියා ශාන්තිකර කලාපය පිළිබඳ කැනේඩියානු සහකාර නියෝජ්‍ය අමාත්‍ය ඩොනල්ඩ් බොබියාෂ් මහතා විදේශ අමාත්‍යවරයා හා විදේශ ලේකම්වරයා හමුවෙයි

කැනඩාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කෙරෙයි : ආසියා ශාන්තිකර කලාපය පිළිබඳ කැනේඩියානු සහකාර නියෝජ්‍ය අමාත්‍ය ඩොනල්ඩ් බොබියාෂ් මහතා විදේශ අමාත්‍යවරයා හා විදේශ ලේකම්වරයා හමුවෙයි

DSC_4282

කැනඩාවේ ගෝලීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ආසියා ශාන්තිකර කලාපය භාර සහකාර නියෝජ්‍ය අමාත්‍ය ඩොනල්ඩ් බොබියාෂ් මහතා, පෙබරවාරි මස 26 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් හමුවිය. වෙළෙඳාම වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳව සොයාබැලීම, කැනඩාව ශ්‍රී ලාංකික සිසුන්ට අධ්‍යාපනය ලැබිය හැකි ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව වැඩිදියුණු කිරීම, සහ කැනඩාව හා ශ්‍රී ලංකාව අතර ව්‍යුහගත විධිමත් සබඳතාවක් ගොඩනැඟීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම යනාදී කරුණු මෙම හමුවලදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 පෙබරවාරි 28

DSC_4250

DSC_4252

DSC_4292

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close