ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු සමූහාණ්ඩුව විසින් 2017 සැප්තැම්බර් 03 වෙනිදා සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මගින් සිදුකරනු ලබන ප්‍රකාශය

ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු සමූහාණ්ඩුව විසින් 2017 සැප්තැම්බර් 03 වෙනිදා සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මගින් සිදුකරනු ලබන ප්‍රකාශය

 

2017 සැප්තැම්බර් මස 03 වෙනිදා ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු සමූහාණ්ඩුව විසින්, හයවෙනි වතාවටත් සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකිනු ලැබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවලි නැවත නැවතත් උල්ලංඝණය කරමින් සිදු කළ මෙම ක්‍රියාව මගින් කලාපයේත්  ඉන් ඔබ්බෙහිත් සාමය හා ස්ථායිභාවයට තර්ජනයක් එල්ල කරයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවලීන්ට අනුකූල වන සේ, ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු සමූහාණ්ඩුවේ ජනතාවගේත්, කලාපයේත් සාමය, සුබසිද්ධිය හා සමෘද්ධිය පිළිබඳ අභිලාෂයන් කෙරෙහි සැලකිල්ල යොමුකර, සාමකාමීව ගැටලු නිරාකරණයට පහසුකම් සැලසීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භකර, න්‍යෂ්ටික අත්හදා බැලීම්වලින් වළකින ලෙස ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු සමූහාණ්ඩුවට අවධාරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයද ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්වේ.

2017 සැප්තැම්බර් මස 11 වෙනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්මත කර ගැනුණු නවතම යෝජනාවලිය පිළිගනිමින්, එම තීරණ ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍යයට අදාළ  බැඳීම් අනුව කටයුතු කිරීමට ඇපකැප වී සිටින බව ශ්‍රී ලංකා රජය නැවත නැවතත් ප්‍රකාශ කර සිටියි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2017 සැප්තැම්බර් 12 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close