මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය න්‍යාය පත්‍ර අංක 2: පොදු විවාදය 2020 සැප්තැම්බර් 15

මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය න්‍යාය පත්‍ර අංක 2: පොදු විවාදය 2020 සැප්තැම්බර් 15

 

මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය

න්‍යාය පත්‍ර අංක 2: පොදු විවාදය

2020 සැප්තැම්බර් 15

 

ශ්‍රී ලංකාවේ ප්‍රකාශය

 

සභාපතිතුමියනි,

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය විසින් 2020 සැප්තැම්බර් 14 වැනි දින “ගෝලීය මානව හිමිකම් යාවත්කාලීන කිරීමේදී”  සඳහන් කරන ලද කරුණුවලට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

මෙම කවුන්සිලය දන්නා පරිදි, මෙම වසරේ පෙබරවාරි/මාර්තු සිට ගෝලීය පරිමාණයේ සෞඛ්‍ය අර්බුදයක් වන කොවිඩ් 19 වසංගතය සමස්ත ලෝකයටම අභියෝගයක්ව පැවතිණි. එය බොහෝ රටවල පාලනයේ විවිධ පැතිකඩවල් කෙරෙහි බලපෑම් ඇති කළ අතර ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඊට වෙනස් නොවේ.

යුරෝපා සංගමය සතුට පළ කර ඇති, ශ්‍රී ලංකාව, තුලිත, බහු ආංගික ප්‍රවේශයක් තුළින් කොවිඩ් 19 ව්‍යාප්තිය සාර්ථකව පාලනය කරමින්, මෙම අභියෝගය හමුවේ වුවද, ප්‍රජාතාන්ත්‍රවාදී ක්‍රියාවලි සඳහා වූ ඇපකැපවීමෙන් කටයුතු කිරීම සහ පසුගිය මාසයේදී සාර්ථකව හා සාමකාමීව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම මෙම කවුන්සිලයේ ඇගයීමට ලක්වණු ඇතැයි අපි අපේක්ෂා කරමු. මේ සඳහා යුරෝපා සංගමයේ සතුට පළ කර ඇත.

සභාපතිතුමියනි,

30/1 යෝජනාවලියේ  සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන විටත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ කටයුතු කරමින් රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුව දේශීය වශයෙන් සකසාගත් හා ක්‍රියාත්මක කළ ක්‍රියාවලියක් හරහා ප්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම් සාක්ෂාත් කරගැනීමට කැපවී කටයුතු කරන බව ශ්‍රී ලංකාව පැහැදිලි කළාය. මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙම කවුන්සිලය ඉදිරියේ දී ඇති සහතිකවීම් සඳහා, අගෝස්තු 5 වැනි දින නව පාර්ලිමේන්තුව තේරී පත්වීමත් සමඟම බලයට පත්වූ නව රජය තවදුරටත් කැපවී කටයුතු කරන බව ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රකාශ කරයි.

පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් අනුගමනය කරමින් මෙම පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කරනු ඇත. විවාද කරනු ඇත. මෙහිදී, සියලුම පාර්ශ්වකරුවන්ට තම අදහස් හා මත ඉදිරිපත් කිරීමට ඉඩප්‍රස්ථාව උදාවනු ඇත. එහෙයින්, මෙම යෝජිත 20 වැනි සංශෝධනය පිළිබඳ මහකොමසාරිස්වරියගේ අදහස් දැක්වීම් අත්තනෝමතික හා උපකල්පන මත පදනම් වූ පූර්ව විනිශ්චය සහිත අදහස් දැක්වීමක් බව ශ්‍රී ලංකා රජයේ මතය වී තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල හා විධිවිධාන ප්‍රකාරව හිටපු යුධහමුදා සැරයන්වරයාට, සමාව ලබාදෙන ලද බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කිරීමට කැමතිය.

සභාපතිතුමියනි,

ආයතනවල ප්‍රධාන තනතුරුවලට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීමට එරෙහිව නගන ලද අසත්‍ය හා සනාථ නොකළ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකාව මෙම චෝදනාවල විශ්වසනීයත්වය නිරන්තරයෙන් බැහැර කර ඇති අතර විශේෂයෙන්, ගැටුමේ අවසාන අදියරයන් සම්බන්ධයෙන් මෙම චෝදනා විමර්ශනය කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව හා පරණගම කොමිෂන් සභාව වැනි දේශීය කොමිෂන් සභා, මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇති කිසිදු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්ෂි සොයාගෙන නොමැති බව අවධාරණය කරයි.

ප්‍රමාණවත් සාක්ෂි කිසිවක් නොමැති හෙයින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට එරෙහිව දිගින් දිගටම නගන ලද අපරාධ හෝ මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපරාධ පිළිබඳ අත්තනෝමතික චෝදනා පිලිගත නොහැකි බවත් එය ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකාව සලකයි.

අවසාන වශයෙන්, සෝදිසි කිරීමේ සහ බිය වැද්දීමේ චෝදනා දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇති රජය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා සිවිල් සමාජ භූමිකාව ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින අතර පුවත්පත් කලාවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ සිවිල් සමාජයට එරෙහිව සිදුකලා යැයි කියනු ලබන ප්‍රහාර සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි විමර්ශනය කර නඩු පවරන බව සහතික කරයි.

සියලුම පුරවැසියන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුරක්ෂිතභාවය උදෙසා කිසිදු බියකින් තොරව නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණ සහිතව, රටේ සියලුම පුරවැසියන් සඳහා රටේ ජාතික ආරක්ෂාව, තහවුරු කිරීම හා නීතියේ ආධිපත්‍ය හා සාමය සුරැකීම මෙම රජයේ මුඛ්‍ය පරමාර්ථය වෙයි.

ඉහත සඳහන් ප්‍රතිපත්ති රාමුවට අනුව, ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ ජීවිත නගා සිටුවීමේ හා රටේ සාමය, ප්‍රතිසන්ධානය හෝ සංවර්ධනය සඳහා කිසිදු තර්ජනයක් නොමැති බව තහවුරු කිරීමේ අධිෂ්ඨානය ඇතිව එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම රජය කැප වී කටයුතු කරයි.

ස්තූතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close