පුනර්ජනනීය බලශක්තියෙහි 80% ක් සඳහා අතිගරු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා තුළ ඇති ඇප කැපවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්මන්ත්‍රණයේ 26 වන සැසිය සඳහා එක්සත් රාජධානි කලාපීය තානාපතිවරයාට කලාපීය සහයෝගිතා  රාජ්‍ය අමාත්‍ය, ගරු තාරක බාලසූරිය මහතා සහතික වෙයි

පුනර්ජනනීය බලශක්තියෙහි 80% ක් සඳහා අතිගරු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා තුළ ඇති ඇප කැපවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්මන්ත්‍රණයේ 26 වන සැසිය සඳහා එක්සත් රාජධානි කලාපීය තානාපතිවරයාට කලාපීය සහයෝගිතා  රාජ්‍ය අමාත්‍ය, ගරු තාරක බාලසූරිය මහතා සහතික වෙයි

කලාපීය සහයෝගිතා  රාජ්‍ය අමාත්‍ය,  තාරක බාලසූරිය මහතා විසින්, පුනර්ජනනීය බලශක්තියෙහි 80% ක් සඳහා අතිගරු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා තුළ ඇති ඇප කැපවීම පිළිබඳව ආසියානු ශාන්තිකර සහ දකුණු ආසියානු කලාපය සඳහා එක්සත් රාජධානියේ පාර්ශ්වකරුවන්ගේ සම්මන්ත්‍රණයේ 26 වන සැසිය සඳහා කලාපීය තානාපති කෙන් ඕ. ෆ්ලැහර්ටි මැතිතුමාට 2020  ඔක්තෝබර් 27 දින පැවැති අන්තර්ජාල සාකච්ඡාවකදී සහතික වන ලදී.

2020 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයෙහි, ලෝකයේ දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑමට ලක්වීමෙහි ලා අතිශයින් අනතුරුදායක 6 වන රට ලෙස  ශ්‍රි ලංකාව වර්ගීකරණය වී ඇති බව දැනුවත්ව ඇති රාජ්‍ය අමාත්‍යවරයා විසින්,  හරිතාගාර වායු අවම කිරීම පිණිස කඩොලාන, තෙත්බිම් සහ වනාන්තර   සංරක්ෂණය හා ආරක්ෂා කිරීම තුළින් දේශගුණික  ප්‍රත්‍යාස්ථිය සහ අනුවර්තන ප්‍රවර්ධනය උදෙසා  ශ්‍රී ලංකාව විසින් සකසා ඇති වැඩපිළිවෙලවල්  හුවා දක්වන ලදී. දේශගුණ හිතකාමී ප්‍රවාහන ක්‍රමවේදයන් ප්‍රවර්ධනය සඳහා තරුණ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් විසින් සිදුකරනු ලබන විදුලි වාහන නිර්මාණය සහ නිෂ්පාදනයට සහායවනු වස් හරිත මුල්‍යකරණයෙහි ඇති වැදගත්කම පිළිබඳවද සඳහන් කෙරිණ. සමුද්‍රීය ප්ලාස්ටික් දූෂණය කෙරෙහි අවධානය යොමු කිරීමෙහි ලා ශ්‍රී ලංකාවේ ඇති ඇප  කැපවීම අවධාරණය කරමින්, වෙරළාසන්න නගරවලදී, විශේෂයෙන් ප්ලාස්ටික් කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා පහසුකම් ඇතිකිරීමේ අවශ්‍යතාව වැදගත් මූලිකාංගයක් ලෙස හඳුනාගන්නා ලදී.

පර්යේෂණ සඳහා සහයෝගිතාවය,   රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීමෙන් විශ්ලේෂණයන් සඳහා  ධාරිතාවය වැඩි කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් හරහා ක්ෂුද්‍ර ප්ලාස්ටික්වල බලපෑම සඳහා විසඳුම් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන පොදු රාජ්‍ය මණ්ඩලීය අපද්‍රව්‍ය වැඩසටහන (CLiP) යටතේ එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර දැනට පවත්වා ගෙන යන සහයෝගිතාවය ඇතුළු  ශ්‍රී ලංකාවේ හරිත වැඩපිළිවෙලවල්   තානාපති ඕ’ෆ්ලැහර්ටි මහතාගේ ඇගයීමට ලක් විය. තවද, කඩොලාන පරිසර පද්ධතිය සහ ජීවනෝපායන් පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමෙහි   ශ්‍රී ලංකාවේ ප්‍රධානතම භූමිකාව සහ  තිරසාර නයිට්‍රජන් වායු කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශය  හරහා  2030 වන විට  ලෝකයේ නයිට්‍රජන් වායු නාස්තිය අඩකින් අඩු කිරීමේ උපදේශනයන්ද ඔහුගේ ප්‍රශංසාවට පාත්‍ර විය.

පුනර්ජනනීය බලශක්ති විෂයය ක්ෂේත්‍රයෙහි  ඉස්මතුවන ප්‍රවණතා හුවා දැක්වූ තානාපති ඕ’ෆ්ලැහර්ටි මහතා, පාෂාණිභූත ඉන්ධනවලට සාපේක්ෂව, වායු සහ සූර්ය බලශක්තිය වඩාත් පිරිවැය වශයෙන් ඵලදායී බව සඳහන් කරන ලදී. ආසියානු කලාපයෙහි බොහෝ රටවල් ගල් අඟුරු ආශ්‍රිත විදුලි බලය භාවිතය  කිරීමේ ක්‍රියාදාම ආරම්භ කර ඇති බවද ඔහු විසින් පෙන්වා දෙන ලදී.

දේශගුණික විපර්යාසය වූ කළී ගෝලීය සංසිද්ධියක් වන අතර, ඒ සඳහා කිසිම රටකට තනිව විසඳුම් ලබා දිය නොහැකි අතර ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය මට්ටමේ සහයෝගිතාවය අවශ්‍ය වන්නකි. කෙසේ වුවද,   ශ්‍රී ලංකාව ඇතුළු ඕනෑම තනි රටක සක්‍රීයත්වය හෝ  අක්‍රීයත්වය කෙරෙහි සියලුම ක්ෂේත්‍රවලට අදාළව ගෝලීය බලපෑමක් ඇති කරවනු ඇත. මේ සම්බන්ධයෙන්, අපගේ ජීවිත කාලය තුළ බරපතල අනුභූතී තර්ජනයක් කෙරෙහි අවධානය යොමු කිරීමේ න්‍යාය පත්‍රය සැකසෙනු ඇත්තේ ශ්‍රි ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වීය  සහයෝගිතාවය මතය.

මෙම සාකච්ඡාව පවත්වන ලද්දේ, සත්කාරක රට ලෙස එක්සත් රාජධානීය ක්‍රියා කරන 2021 වසරේදී‍ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යයරාමු සම්මුතියේ 26 වන පාර්ශ්වකාර සම්මන්ත්‍රණ සන්දර්ශය මත පිහිටාය.

මෙ‍ම අන්තර්ජාල සාකච්ඡාව මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, සාරා හල්ටන් මැතිතුමිය විසිනි. විදේශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය  ජයනාත් කොළඹගේ,  සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අංශයේ අධ්‍යක්ෂ ජනරාල්, හසන්ති ඌරුගොඩවත්ත දිසානායක, යුරෝපා සහ මධ්‍යම ආසියා සහ යුරෝපා සංගම් හා පොදු රාජ්‍ය මණ්ඩලයීය අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්,  ධම්මිකා සේමසිංහ සහ  කොළඹ, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ, සමෘද්ධි අංශ ප්‍රධානී,   ඇන්ඩෲ ප්‍රයිස් යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූහ.

 

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 ඔක්තෝබර් මස 28

Print Friendly, PDF & Email
Please follow and like us:

Close