‘හවුල් සෞභාග්‍යය’ ළඟාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්වන ලෙස රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ඉන්දියානු ආයෝජකයින්ගෙන් ඉල්ලයි

‘හවුල් සෞභාග්‍යය’ ළඟාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්වන ලෙස රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ඉන්දියානු ආයෝජකයින්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අවස්ථාව ලබා ගනිමින් දෙරටටම ‘හවුල් සෞභාග්‍යය’ අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්වන ලෙස කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ඉන්දියානු ආයෝජකයින්ට ආරාධනා කළේය.

කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ සිට ඩිජිටල් මාධ්‍යයෙන් විකාශනය කරන ලද ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ සංසදයේ ඉන්දියානු රට පිළිබඳ සැසියේ දී අමාත්‍යවරයා මේ කරුණු ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා සිය ප්‍රධාන දේශනය අතරතුර දී, රබර්, රෙදිපිළි හා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරමින්, අනාගත ආයෝජකයින් සඳහා උනන්දුවක් දැක්විය හැකි ප්‍රධාන අංශ 6 ක් ඉස්මතු කළේය.

විශේෂ ආර්ථික කලාප හරහා, විශේෂයෙන් මෑතකදී පිහිටුවන ලද කොළඹ වරාය නගරය හරහා, විශේෂ මූල්‍ය දිරිගැන්වීම් භාවිතා කිරීමට එතුමා ආයෝජකයින් දිරිමත් කළේය.

ආයෝජන මණ්ඩලය, ලංකා වාණිජ මණ්ඩලය සහ කොළඹ කොටස් හුවමාරුව විසින් සංවිධානය කරන ලද ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ යනු, රටවල් 85 කට අධික සංඛ්‍යාවකින් 4,500 කට අධික පිරිසක් සමඟ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පැවති ආසියාවේ පළමු හා විශාලතම අතථ්‍ය සංසදය විය.

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය

කොළඹ

2021 ජුනි 10 වැනි දින

Please follow and like us:

Close