ශ්‍රී ලාංකික සිසුහු භූතානයේ පැවති බිම්ස්ටෙක් රිදී ජුබිලි ප්‍රශ්න විචාරාත්මක තරගයෙන් ජයග්‍රහණය ලබති

ශ්‍රී ලාංකික සිසුහු භූතානයේ පැවති බිම්ස්ටෙක් රිදී ජුබිලි ප්‍රශ්න විචාරාත්මක තරගයෙන් ජයග්‍රහණය ලබති

2023 පෙබරවාරි 15 ​​වැනි දින භූතානයේ පැවති බිම්ස්ටෙක් රිදී ජුබිලි ප්‍රශ්න විචාරාත්මක තරගයේ ශූරතාව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සයුරංගි ප්‍රේමසිරි සහ මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ මේධිනි අනුපමා වනිගරත්න යන සිසුවියන්ට හිමිවිය.

භූතානයේ විදේශ කටයුතු සහ විදේශ වෙළෙඳ කටයුතු අමාත්‍යංශය ඩකා හි බිම්ස්ටෙක් ලේකම් කාර්යාලය සමඟ එක්ව, බිම්ස්ටෙක් හි 25 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් මෙම ප්‍රශ්න විචාරාත්මක තරගය සංවිධානය කළේ ය.

බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන බිම්ස්ටෙක් රටවල් හත නියෝජනය කළ සිසුහු මෙම තරගය සඳහා සහභාගි වූහ.

මෙම ප්‍රශ්න විචාරාත්මක තරගයේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලාංකික සිසුහු, එහි ශූරතාව දිනා ගනිමින් රටට අභිමානයක් ගෙන දීමට සමත් වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

 2023 පෙබරවාරි 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close