ශ්‍රී ලංකා බාලදක්ෂයෝ, ලෝක බාලදක්ෂ ජම්බෝරියේ අත්දැකීම් දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ බෙදා ගනිති

ශ්‍රී ලංකා බාලදක්ෂයෝ, ලෝක බාලදක්ෂ ජම්බෝරියේ අත්දැකීම් දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ බෙදා ගනිති

25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම 2023 අගෝස්තු 12 වන දින ගිම්පෝ නගරයේ දී කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ සහ අමාත්‍ය උපදේශක (වාණිජ) චන්දිමා අබේරත්න හමුවිය.

ලෝක බාලදක්ෂ ජම්බෝරියේ අත්දැකීම්, දකුණු කොරියානු සංචාරය සහ ඔවුන්ගේ අනාගත අභිලාෂයන් පිළිබඳව තානාපතිවරයා බාලදක්ෂයින් සමඟ සුහද කතා බහක නිරත විය. පුවත්පත් කලාවේ වෘත්තියක් කිරීමට අපේක්ෂා කරන බාලදක්ෂයෙකු විසින් ද ඇයව සම්මුඛ සාකච්ඡාවට ලක් කරන ලදී.  තානාපතිවරිය  විසින් සියළුම බාලදක්ෂයින්ට කොරියානු ජනරජයේ සංචාරය සිහිපත් වීම සඳහා සමරු තිළිණයක් පිරිනමන ලදී.

ජම්බෝරියේදී ශ්‍රී ලංකාව  වෙනුවෙන් වෙන් කළ දිනයේදී රටේ සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීම ඇතුළුව  ජාත්‍යන්තර උත්සවයකදී ඉතා ප්‍රශංසනීය ලෙස තම මාතෘ භූමිය නියෝජනය කිරීම පිළිබඳව තානාපතිවරිය ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට සුබ පැතුම් එක් කළේය. සංචාරයේදී ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ වෙනස්වන තත්වයන්ට අනුවර්තනය වීමට ඇති හැකියාව ඇය අගය කළ අතර ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු, ජාත්‍යන්තර කොමසාරිස් සහ  කණ්ඩායම් නායක ආචාර්ය රජීව පීරිස් සහ කළමනාකාරිත්වය සහ ඒකක නායකයින් 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියෙහි  ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සාර්ථක කිරීම සඳහා දරන ලද  උත්සාහය අගය කළාය.

ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අගයමින් ඇගයීම් සංකේතයක්  තානාපතිවරිය  වෙත පිළිගන්වන ලදී. කොරියානු ජනරජයේ සංචාරයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට ලබා දුන් සියලු සහය වෙනුවෙන් ඔහු ඇයට සහ සෝල් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කළේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම 2023 අගෝස්තු 16 දින කොරියානු ජනරජයෙන් පිටත් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

සෝල්

2023 අගෝස්තු 18

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close