රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් සාප්පු සංකීර්ණයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව දැඩිව හෙළා දකියි

රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් සාප්පු සංකීර්ණයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව දැඩිව හෙළා දකියි

සිවිල් වැසියන්ගේ ජීවිත ඛේදනීය ලෙස අහිමි කරමින් හා ඔවුන්ට තුවාල සිදු කරමින් 2024 මාර්තු 22 වැනි දින රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් සාප්පු සංකීර්ණයට එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකියි. සිවිල් වැසියන්ට එරෙහි මෙවැනි බියගුලු ප්‍රචණ්ඩ ක්‍රියා පිළිකුල් සහගත වන අතර ශිෂ්ට සමාජය තුළ ඒවාට ඉඩ නොමැත.

ශ්‍රී ලංකා රජය සහ ජනතාව විපතට පත්වූවන්ගේ පවුල්වලට, රුසියානු සමූහාණ්ඩුවේ මහජනතාවට සහ රජයට මෙම ඛේදනීය අවස්ථාව සම්බන්ධෙයන් හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරති.

ත්‍රස්තවාදෙයහි සියලු ස්වරූප සහ ප්‍රකාශනයන් පැහැදිලිවම හෙළා දැකිය යුතු අතර ඒවා මුලිනුපුටා දැමිය යුතුය. ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටන සඳහා ශ්‍රී ලංකාව සිය කැපවීම යළි තහවුරු කරන අතර සාමයට සහ ආරක්ෂාවට ඇති මෙම බරපතල තර්ජනයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටී.

ශ්‍රී ලංකා රජය තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මාර්තු 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close