2024 ජූලි 23 වැනි දින කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශයේ ඇතුළත් චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

2024 ජූලි 23 වැනි දින කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශයේ ඇතුළත් චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

 කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් 2024 ජූලි 23 දින නිකුත් කරන ලද ප්‍රකාශයේ ඇතුළත්, ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව දැඩි ලෙස නැවත අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා වෙත මීට පෙරද අවධාරණය කර ඇත.

කැනඩාවේ දේශීය ඡන්ද බැංකු දේශපාලනයෙන් නැඟෙන මෙම චෝදනාව ශ්‍රී ලංකාව සහ කැනඩාව යන දෙරටේම සමගියට සහ වාර්ගික සහජීවනයට හිතකර නොවේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2024 ජූලි 25 වැනි දින 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close