ශ්‍රී ලංකාව ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීමට සහභාගී වේ

ශ්‍රී ලංකාව ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීමට සහභාගී වේ

 ආසියාවේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගිතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් ස්ථාපිත බහුජාතික සංසදයක් වන ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීම 2023 අප්‍රේල් 19 වැනි දින අතථ්‍ය අයුරින් පැවැත්විණි.

වැඩ බලන විදේශ කටයුතු ලේකම් යසෝජා ගුණසේකර මහත්මිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය දුන්නා ය. කසකස්ථාන ජනරජයේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය කනාත් ටුමිෂ්  මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. CICA යනු ආසියාවේ විශාලතම කලාපීය අන්තර් රාජ්‍ය සංසදය වේ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 අප්‍රේල් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close