මියන්මාරයේ හටගත් මෝඛා (MOCHA) සුළි කුණාටුවෙන් විපතට පත් සිවිල් ජනතාව සඳහා ශ්‍රී ලංකාව විසින් ලංකා තේ තොගයක් පරිත්‍යාග කරනු ලැබේ

මියන්මාරයේ හටගත් මෝඛා (MOCHA) සුළි කුණාටුවෙන් විපතට පත් සිවිල් ජනතාව සඳහා ශ්‍රී ලංකාව විසින් ලංකා තේ තොගයක් පරිත්‍යාග කරනු ලැබේ

මියන්මාරයේ මෝඛා සුළි කුණාටුවෙන් විපතට පත් සිවිල් ජනතාව වෙත පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා රජය පරිත්‍යාග කළ ලංකා තේ මෙට්‍රික් ටොන් 1 ක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද උත්සවයක් අතරතුර භාර දෙන ලදී.

කොළඹ සිටින මියන්මාර තානාපති හන් තු මැතිතුමා 2023 ජූලි 27 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමාගේ සුරතින් මෙම ලංකා තේ තොගය භාර ගත්තේ ය.

ශ්‍රී ලංකා රජය මෙම පරිත්‍යාගය හරහා පළ කළ සහයෝගීතාව වෙනුවෙන් මියන්මාර රජය සිය අවංක ස්තුතිය පළ කරන බව තානාපති හන් තු මැතිතුමා ප්‍රකාශ කළ අතර දෙරට අතර පවත්නා දිගුකාලීන මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද යළිදු අවධාරණය කළේ ය.

අතිරේක ලේකම් යසෝජා ගුණසේකර මහත්මිය, අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වරුණ විල්පාත මහතා සහ ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීහු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූලි 27 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close