කරච්චියේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් පකිස්ථානයට කනීනිකාවන් 25,000ක් පරිත්‍යාග කිරීම සහ ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කෙරේ

කරච්චියේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් පකිස්ථානයට කනීනිකාවන් 25,000ක් පරිත්‍යාග කිරීම සහ ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කෙරේ

 කරච්චියේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් පකිස්ථානයට කනීනිකාවන් 25,000ක් පරිත්‍යාග කිරීම සහ ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වීම වෙනුවෙන් 2023 සැප්තැම්බර් 09 වන දින උත්සවයක් සංවිධානය කරන ලදී. පකිස්ථානයේ අක්ෂි බැංකු සංගමය සහ ශ්‍රී ලංකාවේ අක්ෂි දන් දීමේ සංගමයේ සහයෝගයෙන් මෙම උත්සවය සංවිධානය කර ඇත.

එම සුවිශේෂී දායකත්වය සංකේතවත් කිරීම සඳහා මෙම උත්සවයේ දී භාරකාර මණ්ඩලයේ ලේකම් එම් ජී නන්දලාල් ප්‍රේමරත්න මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා අක්ෂි දන් දීමේ සංගමයේ දූත පිරිසක් පකිස්ථාන අක්ෂි බැංකු සංගමයේ සභාපති කාසි සජිඩ් අලි වෙත කනිනිකා 10 ක් ප්‍රදානය කිරීම සිදු කරන ලදි.

පකිස්ථානයේ සින්ද් පළාතේ සංචාරක හා යෞවන කටයුතු අමාත්‍ය සිඩ් ජුනයිඩ් අලි මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

පකිස්ථාන අක්ෂි බැංකු සංගමයේ සභාපති සහ සාමාජිකයෝ, සෞඛ්‍ය සේවා වෘත්තිකයෝ සහ කරච්චි හි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ඇතුළුව ආරාධිත අමුත්තෝ 150ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඊට සමගාමීව පාකිස්ථානයේ තැලසීමියා සංගමයේ සහයෝගය ඇතිව කොන්සල් ජනරාල් කාර්යාලය විසින් එම ස්ථානයේදීම ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කරන ලදී. කරච්චි හි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ සහ පකිස්ථානු ජාතිකයයෝ පාකිස්ථානයේ තැලසීමියා සංගමයේ රැකවරණය යටතේ දරුවන්ට උපකාර කිරීම සඳහා රුධිරය පරිත්‍යාග කළහ.

උත්සවයට සංස්කෘතික හා කලාත්මක රසයක් එක් කරමින් චන්දන වික්‍රමසිංහ සහ නර්තන සංසදයේ සහ ශ්‍රී ලාංකික ගායක සොනාල් ප්‍රභාෂිතගේ ප්‍රාසංගිකත්වයෙන් සමන්විත විය.

දෙරට අතර පවතින ශක්තිමත් බැඳීම පිළිබිඹු කරමින් පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කරන ලද ක්‍රියාකාරකම් මාලාවක කොටසක් ලෙස මෙම අංගයන් පැවැත්විණි. පකිස්තානයේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සහ පුණ්‍ය කටයුතු සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දෙමින් එය ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් සැලකිය යුතු මානුෂීය සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයක් විය.

පකිස්ථානයේ සියලුම ප්‍රධාන මාධ්‍ය මෙම උත්සවය සඳහා පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

කරච්චි

2023 සැප්තැම්බර් 27

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close