
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ සංවර්ධනය වෙමින් පවතින රටවල විද්‍යාවේ දියුණුව සඳහා වූ ලෝක විද්‍යා ඇකඩමිය (TWAS) සමඟ සහයෝගයෙන්, 2025 නොවැම්බර් 10 වැනි දින “විද්‍යා-රාජ්‍යතාන්ත්‍රික- විද්‍යා-ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැදගත් තීරණවලට එළැඹීමේදී රාජ්‍යතාන්ත්‍රිකභාවයේ කාර්යභාරය” යන මැයෙන් සංසද සාකච්ඡාවක් සාර්ථකව පැවැත්වීය. මෙම උත්සවය, 2025 විද්‍යා සතියේ ජාතික විද්‍යා දින සැමරුමේ අංගයක් ලෙස පවත්වන ලද අතර විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජනය කරමින් පැමිණි සහභාගිවන්නන් 80කට අධික සංඛ්‍යාවක් සහ මාර්ගගත සහභාගිවන්නන් 200කට අධික සංඛ්‍යාවක් එයට එක් විය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ගෞරවනීය ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්.නවාවි සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරිය නියෝජනය කරමින්, එම අමාත්‍යංශයේ දකුණු ආසියානු සහ සාර්ක් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත පතිරණ විසින් සංසද සාකච්ඡාවේ ආරම්භක අදහස් දැක්වීම සිදු කරන ලදී.
තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ජාත්‍යන්තර හවුල්කාරිත්වයේ සහ කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කරමින් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයාගේ හිටපු විද්‍යා උපදේශක, විශ්‍රාමික තාන් ශ්‍රී මහාචාර්ය ආචාර්ය සක්රි අබ්දුල් හමීඩ් විසින් මුඛ්‍ය දේශනය පවත්වන ලදී. නවදිල්ලියේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ආචාර්ය තිමෝති කර්ටිස්, සියලු අංශවල ජාතික සහයෝගීතාව වර්ධනය කිරීමේදී යුනෙස්කෝවේ කාර්යභාරය අවධාරණය කරමින්, තිරසාර සංවර්ධනය සඳහා ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගීතාවය පිළිබඳව අදහස් පළ කළේය. ජාතික පර්යේෂණ ප්‍රමුඛතා, තිරසාර සංවර්ධන අරමුණු සමඟ පෙළගැස්වීම පිළිබඳ අවබෝධය පිළිබඳ සඳහන් කළ ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනමේ හිටපු සභාපති ආචාර්ය සිරිමලී ප්‍රනාන්දු සහ දැනුවත් තීරණ ගැනීමේදී සහාය වීම සඳහා විද්‍යා රාජ්‍යතාන්ත්‍රිකත්වයේ බලපෑම ඉස්මතු කළ UNESCO-TWASහි විධායක අධ්‍යක්ෂ මහාචාර්ය මාර්සෙලෝ නොබෙල් ද තාක්ෂණික සැසියට සහභාගී වූහ.
"ජාතික සංවර්ධන ඉලක්ක උදෙසා විද්‍යාත්මක හවුල්කාරිත්වයන් වැඩි දියුණු කිරීම සඳහා මෘදු බලයේ සහ සහයෝගීතාවයේ භාවිතයට නොගත් හැකියාවන්" යන තේමාව යටතේ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් ද පැවැත්විණි. මෙම විද්වත් මණ්ඩල සාමාජිකයින්ට ආචාර්ය සිරිමලී ප්‍රනාන්දු, මහාචාර්ය මාර්සෙලෝ නොබෙල්, අධ්‍යක්ෂ ජනරාල් සමන්ත පතිරණ, යුනෙස්කෝ දකුණු ආසියානු ජල කළමනාකරණ මධ්‍යස්ථානයේ (UMCSAWM) අධ්‍යක්ෂ සහ මධ්‍යස්ථාන සභාපති මදන්ජීත් සිං, අන්තර් ඇකඩමි හවුල්කාරිත්වයේ (IAP) සම්බන්ධීකාරක මහාචාර්ය ලලිත් රාජපක්ෂ, ආචාර්ය පීටර් මැක්ග්‍රාත් සහ චීනයේ ජාතික විශිෂ්ටතා මධ්‍යස්ථානයේ (NICE) අධ්‍යක්ෂ ආචාර්ය බෙන්ජින් ලුඕ ඇතුළත් වුහ. මෙම සාකච්ඡාව සියලු අංශ පිළිබඳ සංවාදයේ වැදගත්කම අවධාරණය කළ අතර විද්‍යාව හා තාක්ෂණයේ ගෝලීය හවුල්කාරිත්වයන් වැඩි දියුණු කිරීම සඳහා මෘදු බලයේ මාධ්‍යයක් ලෙස විද්‍යා රාජ්‍යතාන්ත්‍රිකත්වයේ හැකියාව ඉස්මතු කළේය. ජාත්‍යන්තර රාජ්‍ය විද්‍යා උපදේශන ජාලයේ (INGSA) සාමාජිකයෙකු සහ AAAS-TWAS විද්‍යා රාජ්‍යතාන්ත්‍රික වැඩසටහනේ හිටපු නියෝජිතයෙකු වන සෙයිඩ් ෂාමි විසින් සැසිය මෙහෙයවන ලදී. විද්වත් මණ්ඩල සාකච්ඡාවෙන් පසුව, ආචාර්ය පීටර් මැක්ග්‍රාත්, විද්‍යා රාජ්‍යතාන්ත්‍රිකභාවයේ නැගී එන අවස්ථා පිළිබඳ සඳහන් කළේය.
ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් මඟ පෙන්වීම සඳහා නුදුරු අනාගතයේ දී ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කෙරෙන, නිර්දේශ මාලාවක් අඩංගු ප්‍රතිපත්ති සංක්ෂිප්තයක් සම්පාදනය කිරීමෙන් මෙම සංසදය අවසන් විය. ඉලක්කගත පුහුණු මුලපිරීම් හරහා එහි විෂය පථය පුළුල් කිරීම කෙරෙහි සලකා බලමින්, විද්‍යා රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ගත් තීරණය සංසදයේ මඟින් ලැබුණු ප්‍රධාන ප්‍රතිඵල අතර විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 නොවැම්බර් 13 වැනි දින







