ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සාකච්ඡාවල පස්වැනි වටය සහ තෙවන උපායමාර්ගික සමුද්‍රීය සංවාදය කැන්බරා නුවරදී පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සාකච්ඡාවල පස්වැනි වටය සහ තෙවන උපායමාර්ගික සමුද්‍රීය සංවාදය කැන්බරා නුවරදී පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සාකච්ඡාවල පස්වැනි වටය සහ තෙවන උපායමාර්ගික සමුද්‍රීය සංවාදය, 2025 මාර්තු 25 සිට 26 වැනි දින දක්වා ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි එරට විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.

මෙම රැස්වීම් දෙකෙහි සම-සභාපතිත්වය දරනු ලබන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් යසෝජා ගුණසේකර සහ ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු අංශයේ පළමු සහකාර ලේකම් සාරා ස්ටෝරි යන මහත්මීන් විසිනි.

දේශපාලනික මැදිහත්වීම, ආර්ථික හවුල්කාරිත්වය, සමුද්‍රීය සහයෝගීතාව, සංවර්ධන හවුල්කාරිත්වය, ආරක්ෂක, අධ්‍යාපන, සංචාරක ව්‍යාපාර සහ පුද්ගල-පුද්ගල සම්බන්ධතා ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම ඇතුළුව දෙරට අතර ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙම උපදේශනවලදී සාකච්ඡා කරනු ඇත. දෙරටටම වැදගත් වන පොදුවේ උනන්දුවක් දක්වන සංවර්ධනයන් පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2025 මාර්තු 24 වැනි දින

Please follow and like us:

Close