ලෙබනනය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා බේරූට්හි දී සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානියා හමුවෙයි

ලෙබනනය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා බේරූට්හි දී සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානියා හමුවෙයි

ලෙබනනය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මැතිතුමා 2023 පෙබරවාරි 9 වැනි දින ලෙබනනයේ බේරූට්හි දී සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී මැතියු ලුසියානෝ මහතා හමුවිය.

මෙහිදී සිය අදහස් පළ කළ තානාපතිවරයා, සංක්‍රමණ කටයුතු පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය, නීතිවිරෝධී සංක්‍රමණ සහ මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පාර්ශ්වකරුවන්  දරන සාමූහික උත්සාහයන්, විදේශ රැකියා ප්‍රවර්ධනය සහ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ (SLBFE) භූමිකාව සහ ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අදාළ කරුණු පිළිබඳව දූත මණ්ඩල ප්‍රධානියා දැනුම්වත් කළේ ය.

IOM හි ප්‍රතිපත්ති සහ කාර්යයන් පිළිබඳව විස්තර කළ එහි දූත මණ්ඩල ප්‍රධානියා, අදාළ ක්ෂේත්‍ර ආශ්‍රිතව ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රශංසා කළේ ය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත සිය සහයෝගය ලබා දෙන බවට එතුමා මෙහිදී සහතික විය.

තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරි ටී.ඩී.දේනුකා මහත්මිය ද තානාපතිවරයා සමඟ මෙම හමුවට සහභාගි විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2023 පෙබරවාරි 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close