ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවා ගනු ලැබූ නිලධාරීහු වැඩ භාර ගනිති

 ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවා ගනු ලැබූ නිලධාරීහු වැඩ භාර ගනිති

SLFS2018-

ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවා ගනු ලැබූ  2018 නිලධාරී කණ්ඩායම අද දින (මැයි 02) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වැඩ භාරගත් අතර, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔවුන් පිළිගන්නා ලදී.

2016 ශ්‍රී ලංකා විදේශ සේවා ව්‍යවස්ථාවේ  විධිවිධාන ප්‍රකාරව හා  2017 මාර්තු මස 17 වැනි  දිනැති අංක 2011 දරන  ගැසට් නිවේදනය අනුව 2017 වසරේදී  විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවෘත තරග විභාගයක් මගින්, 21 දෙනකුගෙන් සමන්විත  මෙම නිලධාරී කණ්ඩායම  රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා  විදේශ සේවයට පත්කරන ලදී.

අලුතින් බඳවා ගනු ලැබූ මෙම නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවයේ නියුක්ත කිරීමට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය(විදේශ කටයුතු අමාත්‍යාංශයේ පුහුණු ආයතනය) මගින් සැලසුම් කරන ලද පුළුල් පුහුණු වැඩසටහනකට සහභාගී වනු ඇත. මෙම වැඩසටහනට වෙනත් අමාත්‍යාංශ හා නියෝජිතායතනවල පැවැත්වෙන පුහුණු වැඩසටහන්ද ඇතුළත් වනු ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවයට බඳවා ගනු ලැබූ 2018  නිලධාරී කණ්ඩායම පහත පරිදි වේ (ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ අනුව).

  1. එච්.ඩී.එස්. රූපතුංග මෙනෙවිය
  2. පී.එන්. දිසානායක මෙනෙවිය
  3. ඩබ්.බී.එම්.පී.එන්. වීරසේකර මෙනෙවිය
  4. එස්.ඒ. අමීනුදීන් මහත්මිය
  5. එම්.ඒ.ඩී.ඩී. පෙරේරා මහත්මිය
  6. ඒ.ටී.යූ. අතුරලිය මෙනෙවිය
  7. ටී.එස්. දිසානායක මෙනෙවිය
  8. එම්.එම්.ටී.කේ. බණ්ඩාර මහතා
  9. එස්. සසිරෙහා මෙනෙවිය
  10. ජී.ඒ.ඩී.එස්.සී. ඩයස් මහත්මිය
  11. එච්.එම්.ඩී.ආර්. හේරත් මෙනෙවිය
  12. ඩී.පී. මිහිරාවි මෙනෙවිය
  13. වී.නිසාන්දිනී මෙනෙවිය
  14. කේ.එම්.එස්. දේශප්‍රේම මහතා
  15. එන්. ගජිත්‍රා මහත්මිය
  16. එන්. ප්‍රියා මෙනෙවිය
  17. කේ.ඒ.එන්.එස්. සමරසිංහ මෙනෙවිය
  18. ඩී.කේ.එස්.ආර්. දසනායක මෙනෙවිය
  19. පී.ඩී.සී. වීරසේන මෙනෙවිය
  20. එම්. එම්. එරන්ද මහතා
  21. එම්.එෆ්.එම්. ෆාසිල් මහතා

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 මැයි මස 2 වැනි දින

 

 

sinpdf

 

 

 

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close