සිංහල බසින්  පරිවර්තිත ශුද්ධ වූ කුරානයේ පිටපතක් නයිජීරියාවේ මහ කොමසාරිස්වරයා වෙත පිළිගන්වනු ලැබේ

සිංහල බසින්  පරිවර්තිත ශුද්ධ වූ කුරානයේ පිටපතක් නයිජීරියාවේ මහ කොමසාරිස්වරයා වෙත පිළිගන්වනු ලැබේ

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්  මිලින්ද මොරගොඩ මැතිතුමා 2023 අප්‍රේල් 03 වැනි දින, නවදිල්ලි නුවර සිටින  ඉන්දියාවේ නයිජීරියානු මහ කොමසාරිස් අහ්මඩ් සුලේ  මැතිතුමා වෙත සිංහල බසින්  පරිවර්තිත ශුද්ධ වූ කුරානයේ පිටපතක් පිළිගැන්වී ය.

නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වා ඇති ඉස්ලාමීය රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ පවත්නා සංවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්  මිලින්ද මොරගොඩ මැතිතුමා දරන අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ශුද්ධ වූ කුරානයේ සිංහල පිටපතක් මෙලෙස පිළිගන්වන ලදී.

මෙම සිංහල පරිවර්තනය, ශ්‍රී ලංකාවේ සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මීට පෙර දිල්ලියේ ජාමා මස්ජිදය, ජමියත් උලමා-අයි-හින්ද් සංවිධානය (ඉන්දියාවේ මුස්ලිම් දේවධර්මවාදීන්ගේ කවුන්සිලය) සහ මොරොක්කෝවේ සහ බහරේනයේ තානාතිවරුන් වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පිටපත් පිළිගැන්වී ය.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමාගේ ප්‍රතිපත්ති මාර්ග සිතියම වන " ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය" නමැති ප්‍රතිපත්ති මාර්ග සිතියම අනුව, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියාවේ සියලුම ප්‍රධාන ආගම් සමඟ පවත්නා සංවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2023 අප්‍රේල් 04 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close