ලෙබනනයේ ආරක්ෂක තත්ත්වය අස්ථාවර වන අතර එය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.
බීරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංගම් සහ තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වයි. තානාපති කපිල ජයවීර මහතා ඇතුළු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පරිදි සහය ලබාදෙමින් සිටිති.
අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සහ තානාපති කාර්යාලය විසින් නවාතැන් පහසුකම් සලසා ඇති අය හැරුණු විට, මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙම තත්ත්වයෙන් බරපතල ලෙස පීඩාවට පත්ව නොමැත.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2024 ඔක්තෝබර් 03 වැනි දින
Please follow and like us: