Remarks by H.E. Maithripala Sirisena President at Meeting with Sri Lankan community members living in the USA - New York , 23 Sept. 2017

Remarks by H.E. Maithripala Sirisena President at Meeting with Sri Lankan community members living in the USA – New York , 23 Sept. 2017

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග පැවැති හමුවේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව

2017 සැප්තැම්බර් මස 23 වැනිදානිව්යෝර්ක්

 

වාර්ෂිකව නිව්යෝක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවේ 72 වන සැසිවාරයට සහභාගිවන අවස්ථාවේ අපේ රටේ පමණක් නොව විදේශ රටවල පවා සුවිශාලවූ ශාසනික මෙහෙවරක්, සමාජයීය මෙහෙවරක්, මානව හිතවාදී මෙහෙවරක් ඉටුකරනු ලැබූ ගෞරවනීය වන්දනීය කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ  ශාසනික සේවාව අගය කරමින් උන්වහන්සේට ශ්‍රී ලංකා රජය විසින් පිරිනමනු ලබන ගෞරව සන්නස් පත්‍රය පිළිගැන්වීමේ අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

අපේ ගෞරවනීය භික්ෂූන් වහන්සේලා, ස්වාමීන් වහන්සේලා පිළිබඳව අප කවුරුත් දන්නවා. බෞද්ධ දර්ශනය ලෝකය පුරා ප්‍රචාරය කිරීමට, පවත්වාගෙන යාමට සැමවිටම එහි නායකත්වය ලබාගත්තේ ගෞරවනීය භික්ෂූන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලාගේ පැවතුම්, ක්‍රියාකාරිත්වය, උන්වහන්සේලාගේ ශාසනික සේවාව හරහා බෞද්ධ දර්ශනය සමාජය තුළ ව්‍යාප්ත කිරීමටත්, ඒ තුළ යහපත් සමාජයක් ගොඩනැගීමටත් සැමවිටම කටයුතු කර තිඛෙනවා.

ශ්‍රී ලංකාව වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ගත්විට සෑම කෙනෙක්ම දන්නවා අපේ  භික්ෂුන් වහන්සේලා විදේශයන්හි බෞද්ධ විහාරස්ථානවල බෞද්ධාගමික කටයුතු කරමින් ධර්මප්‍රචාර කටයුතු කරමින් ඉතා උතුම් වූ උසස් ශාසනික සේවාවක් ඉටුකරනු ලබන බව. කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන් වහන්සේ ධර්මධර, විනයධර, බහුශ්‍රැත, මහා ප්‍රඥාවන්ත සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක්. උන්වහන්සේ ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හි ථෙරවාදී බෞද්ධ දර්ශනය ප්‍රචාරය කිරීම ස`දහා සිය ජීවිතය සම්පූර්ණයෙන්ම කැප කළ උතුම් ගෞරවනීය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේගේ චරිතය ඒ ශාසනික සේවාව තුළ මුළුමහත් බෞද්ධ සමාජයේ පමණක් නොව බෞද්ධ නොවන සමාජයේ ද ඇගයීමට, ගෞරවයට පාත්‍රවී තිඛෙනවා. භික්ෂුන් වහන්සේ නමකගේ ක්‍රියාපිළිවෙත, වත්පිළිවෙත්, හැසිරීම, බෞද්ධ දර්ශනය ශක්තිමත් කිරීමට තිඛෙන ප්‍රධානම සාධකයක්. භික්ෂුන් වහන්සේ නමක් කියන්නේ කවුද? මෙහි සිටින සාමාන්‍ය කෙනෙකුට පුළුවන් කඩේකට ගොස් අටපිරිකරක් අරගෙන සිවුරක් ඇඟේ දාගන්න. නොදන්න අය පාරේ යන කොට වඳියි. නමුත් භික්ෂුන් වහන්සේ නමක් යනු ගතට සිවුරක් දා ගත් පමණින් භික්ෂුන් වහන්සේ නමක් නොවන බව අප කවුරුත් දන්නවා. නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ-කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. කෙනෙකුගේ ක්‍රියාකාරීත්වය තුළයි ඔහු කුමනාකාරයේ කෙනෙක් ද කියා පෙන්නුම් කරන්නේ. අපි පන්සිල්, අට සිල්, දස සිල් ගන්නවා. ඒ වගේම ගෞරවනීය උතුම් භික්ෂුන් වහන්සේලා උපසම්පදා බවට පත්වීමත් සමගම උන්වහන්සේලා කෝටියක් සංවර සීලය ආරක්ෂා කරන චරිතයක් බවට පත්වෙනවා. ධම්මෝ භවේ රක්ඛති - ධම්ම චාරි. ධර්මයෙන් ජීවත් වන කෙනා ධර්මයෙන් ආරක්ෂා වෙනවා. ඒ තුළ අපි සෑම කෙනෙක්ම දන්නවා අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් කරනු ලබන ශාසනික සේවා කොතෙක්ද කියන එක.

කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ දෙස් විදෙස් ධර්ම ප්‍රචාර කටයුතු මෙන්ම පොත් සිය ගණනක් ලියා ප්‍රකාශයට පත් කර තිඛෙනවා. උන්වහන්සේ බෞද්ධ දර්ශනය තුළ සමාජයක් හසුරුවන්න, මෙහෙයවන්න ඉතා උතුම් සේවාවක් සිය ජීවිත කාලය තුළ සිදුකර තිඛෙනවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම උන්වහන්සේට පින් දෙන්නට ඕන. උතුම් සමාජයක් ගොඩනගන්න උන්වහන්සේ විසින් කරනු ලබන මහා ශාසනික හා සමාජ මෙහෙවර තුළ ඉතා විශාල කැපකිරීමක් උන්වහන්සේ කර තිඛෙනවා.  ඒ නිසා අපිට අද පුළුවන්කම ලැබුණා උන්වහන්සේගේ සේවය අගය කරමින් ශ්‍රී ලංකා රජය විදියට උන්වහන්සේට ගරු කිරීමට සන්නස් පත්‍රයක් පිළිගන්වන්නට.

මීට පෙරත් මේ උතුම් පූජනීය ස්ථානයට පැමිණි කෙනෙක් විදියට දන්නවා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ නිව්යෝක්හි අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා විසින් කරන්නාවූ මෙහෙවර ගැන. මේ මෙහෙවර අපි ඉතාමත් අගය කළ යුතුයි. එක්සත් ජනපදය තුළ බෞද්ධ විහාරස්ථාන 72 ක් පමණ තිඛෙන බව දැනගන්නට ලැබුණා. එම විහාරස්ථානවලින් කරන්නාවූ ධර්මප්‍රචාර කටයුතු අගය කළ යුතු වෙනවා.

අද මේ උතුම් පූජනීය ස්ථානයේදී මේ පින්වත් ශ්‍රී ලාංකික පිරිසත්  හමුවෙන්න, දැකගන්න, පූජනීය මහා සංඝරත්නය ප්‍රමුඛ අනෙකුත් පූජකතුමන්ලා  ඇතුළු ඒ සෑම කෙනෙක්ම සිටින මේ උතුම් අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා.

ඔබ ශ්‍රී ලාංකිකයින් විදියට ඔබේත් මගේත් ශ්‍රේෂ්ඨ මාතෘභූමිය පිළිබඳව ඔබේ හදවත්හි තිඛෙන ආදරය, ගෞරවය, සෙනෙහස නිසා එහි තොරතුරු පිළිබඳව ඔබ දන්නවා. එම තොරතුරු ලබා ගැනීමේදී එක් පැත්තකින් අද තාක්ෂණික වශයෙන් මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, අන්තර්ජාලය, ෆේස්බුක්, වෙබ් සයිට් හරහා ඔබ බොහෝ දේ අසනවා, දකිනවා. නමුත් මම පැහැදිලිවම කියන්නට ඕන ෆේස්බුක්, වෙබ් සයිට් හරහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට වැඩිපුර දකින්න අසන්න ලැඛෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳව සත්‍ය තොරතුරු නොවන බව. මම එය ඉතා පැහැදිලිවම කියනවා.

දැන් අපේ රජය, රට කඩනවා, බුද්ධාගම විනාශ කරනවා, බුද්ධාගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිඛෙන තැන නැති කරනවා, අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා රට ෆෙඩරල් කරන්න හදනවා, මේ වගේ ඉතා අසත්‍ය ප්‍රචාර තමයි ෆේස් බුක්, වෙබ් සයිට් වලින් කරන්නේ. ලෝකයේ විවිධ රටවල සිටින ලක්ෂ 23ක පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් ලක්ෂ 15ක ට ආසන්න ප්‍රමාණයක් ප්‍රධාන වශයෙන්ම සාමාන්‍ය රැකියාවන් කරන පිරිස්. ඉන් එහා අනෙක් පිරිස වෘත්තිකයින්, උසස් රැකියා කරන පිරිස. උගතුන්, බුද්ධිමතුන් රාශියක් ලෝකය පුරා සේවය කරනවා. ඒ සෑම කෙනෙක්ම විදෙස් රටක සිටිනවා වගේම තමාගේ මාතෘ භූමිය පිළිබඳව විශාල හැඟීමකින් තමයි කටයුතු කරන්නේ. ඒ ඔබේත් මගේත් උතුම් මාතෘභූමිය ලෝකයේ විශිෂ්ට රටක් බවට පත්කිරීම සඳහා තමයි අපි රජයක් විදියට කටයුතු කරන්නේ.

ඔබත් මමත් දන්නා පරිදි වසර දහස් ගණනක ශ්‍රී ලාංකික ඉතිහාසයේ අභිමානවත්භාවය හා ඉතිහාස මතක සටහන්, ඔබ සෑම කෙනෙක්ම දන්නවා නව තාක්ෂණයත් සමගින් දියුණු වූ රටවල්වලට වඩා මහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් අපේ මාතෘභූමියට තිබුණ බව. වසර 5000ක ට එහා ශ්‍රී ලංකාව තුළ තිබූ යකඩ මෙන්ම තාක්ෂණික උපකරණ භාවිතා කළ බවට නොයෙක් සාධක තිඛෙනවා. අපේ වාරිමාර්ග ක්ෂේත්‍රය, කලා ක්ෂේත්‍රය, ඇතුළු නොයෙකුත් ක්ෂේත්‍ර ඉතිහාසයේ එක් එක් යුග තුළ සංවර්ධනය වී තිබූ බව ඔබ අප කවුරුත් දන්නවා.

වසර 30ක ට ආසන්න කාලයක් යුද්ධයක පැටලූණ නිසා අපි ආර්ථීක වශයෙන් පස්සට ගියා. අපේ සංවර්ධනය අඩපණ වුණා. එමගින් අපට අවශ්‍ය දේවල්වලට වඩා අනවශ්‍ය දේවල් සිද්ධ වුණා. මිනිස්කම යටගියා, සමාජය විවිධ අංශ ඔස්සේ විනාශ වුණා. යුද්ධය අවසන් වෙලා සාමකාමී රටක් ලෙස අපි කටයුතු කරන විට රජය විසින් කළයුතු කාර්යයන් නිසිලෙස ඉටුනොවීම නිසා අපේ රට තුළ බොහෝ ප්‍රශ්න මතු වුණා. 2015 ජනවාරි මස 08 වනදා පැවති ඡන්දයෙන් අපේ මාතෘභූමියේ ජනතාව ජනාධිපති ධුරයට මාව පත්කරගත්තේ ප්‍රධාන වශයෙන්ම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින්, නිදහස තහවුරු කරන්න, ජාතික සංහිඳියාව ශක්තිමත් කරන්න. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල්වල සෑම කෙනෙක්ම සමගියෙන් සහෝදරත්වයෙන් ජීවත්වීමේ සමාජයක් ගොඩනැගිය යුතු කාර්යයක් ගොඩනැගීම සඳහායි.

අද අපේ රජය කැපවී සිටින කරුණු කිහිපයක් තිඛෙනවා. ප්‍රධාන වශයෙන්ම දුගී බවෙන් රට නිදහස් කරගැනීම. මේ වසර අප රජය නම් කරලා තිඛෙන්නේ දුගීබවෙන් රට නිදහස් කරගැනීමේ වර්ෂය ලෙසටයි. ඒ වගේම ඔබ සෑම කෙනෙක්ම දන්නවා යුද්ධය පැවති කාලයේ අපට චෝදනා එල්ල වී ඇති මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් තිබුණු අභියෝගාත්මක තත්ත්වය. රටක් විදියට අපට උසුලන්නට බැරි විශාල විදේශ ණය කන්දරාව, ඒ වගේම රට තුළ සමගිය සහෝදරත්වය ඇති කරමින්, ආර්ථීක සංහිඳියාව ගොඩනැගීමට තිඛෙන්නා වූ අභියෝග, ඒ සියලූ අභියෝග ජයගැනීම වෙනුවෙන් තමයි අපි රජයක් විදියට කැපවෙලා සිටින්නේ. ඒ තුළ තමයි අපි යහපත් ප්‍රථීඵල ලබලා තිඛෙන්නේ.

ඔබේත් මගේත් මාතෘභූමිය තුළ සියලූ ජන කොටස් සහෝදරත්වයෙන්, සමගියෙන් ජීවත්වීමේ පරිසරයක් ගොඩනගලා තිඛෙනවා. අප රටේ නැවත යුද්ධයක් ඇති නොවන ආකාරයට සියලූ ජනතාව තුළ තිඛෙන අවිශ්වාසය, සැකය, බිය තුරන් කරලා, නිදහස සහතික කරලා සතුටින් ජීවත්වන සමාජයක් ගොඩනැගීම සඳහායි අපි ආණ්ඩුවක් විදියට කැපවී සිටින්නේ. ඒ සඳහා ආධ්‍යාත්මික වශයෙන් රට ගොඩනගන්න, ථේරවාදී බුදු දහම ඉවහල් වෙනවා. ඒ වගේම එවැනි යහපත් සමාජයක් ගොඩනගන්නට, සියලූ ආගම් ශක්තියක් වෙනවා.

මා ඇමැතිවරයෙකු ලෙස කටයුතු කරන කාලයේත් එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වී තිඛෙනවා. ජනාධිපතිවරයා ලෙස මා තුන්වැනි වතාවටයි සහභාගී වුණේ. මේ සමුළුවේදී බොහෝ වෙලාවට අපි දකිනවා ලෝකය මොනතරම් ඛෙදීම්වලට ලක්වෙලා තිඛෙනවාද, ලෝකය මොනතරම් අසමගිකම් වලට ලක්වෙලා තිඛෙනවාද කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝකයේ සමගියක් එකමුතුවක් ඇතිකිරීම සඳහා කැපවී සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණ එයයි. නමුත් අද අපට පේනවා ලෝකයේ බලවතුන් අතර මොනතරම් ඛෙදීම් තිඛෙනවාද කියලා. ඒක යහපත් තත්ත්වයක් නොවේ. මම මෙම සමුළුව අමතමින් මගේ රට ගැනයි මා කතාකළේ. ජාත්‍යන්තර දේශපාලනය ගැන මා කතාකළේ නැහැ. මගේ රට ගැන කතාකරලා, මගේ රට සංවර්ධනය කරන්න, සහජීවනය ඇතිකරන්න, දුගීබවෙන් නිදහස් කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න, අන්තර්ජාතික වශයෙන් එල්ල වී ඇති චෝදනාවලින් නිදහස් වන්න සහයයි මා ඉල්ලා සිටියේ. ඒ කරුණු මුල් කරගෙනයි මා සමුළුව ඇමතුවේ. ඒ හැරෙන්න ජාත්‍යන්තර ප්‍රශ්න මා කතාකළේ නැහැ.

අපි පුංචි රටක් වුණාට අභිමානවත් ශ්‍රේෂ්ඨ ජාතියක්. අපේ රට භෞතික වශයෙන් පුංචි වුණාට ලෝකයේ තවත් රටකට කිසිම ආකාරයක පුංචි වන සමාජයක් නොවෙයි මේ ජාතිය. මුළු ඉතිහාසය පුරා ගත්විට ප්‍රබුද්ධයින්, විශිෂ්ටයින් මුළු ලොවටම ශ්‍රී ලංකාවෙන් ඛෙදා දී තිඛෙනවා.

අද දවසේ මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. අපේ ගෞරවනීය කුරුණෑගොඩ පියතිස්ස ස්වාමීන් වහන්සේගේ සේවය අගය කරලා උන්වහන්සේට සන්නස් පත්‍රය පිළිගැන්වීමට ලැබීම ගැන ද මා ඉතාමත් සතුටු වෙනවා. මේ සඳහා අපට ශක්තියක් වෙන්න වැඩම කළ අපේ මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජකවරුන්ටත් මා සමග පැමිණි සැමටත්, ඔබ සැමටත් මාගේ ස්තුතිය පළකරනවා.   

 

 

ජනාධිපති මාධ්‍ය අංශය

2017-09-24

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close