ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ දී දේශනයක් පවත්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ දී දේශනයක් පවත්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 මාර්තු 24 වැනි සිකුරාදා දින මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කේම්බ්‍රිජ් හි බොයිල්ස්ටන් ශාලාවේ දී ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන හාවඩ් හි පීඨ සාමාජිකයන් සහ විද්‍යාර්ථීන් හමුවේ දේශනයක් පැවැත්වී ය.

ලක්ෂ්මි මිට්ටාල් ඇන්ඩ් ෆැමිලි සවුත් ඒෂියා ආයතනය (Lakshmi Mittal and Family South Asia Institute) සහ හාවඩ් හි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවේ සමකාලීන වර්ධනයන් කෙරෙහි අවධානය යොමු වන පරිදි,  අතථ්‍ය ආකාරයේ ඵලදායි සාකච්ඡාවක් සංවිධානය කිරීම සඳහා සත්කාරකත්වය සැපයූ හ. එවැනි සාර්ථක වැඩසටහනක් මෙහෙයවීම සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රශංසාව හිමි විය යුතු ය. මෙහිදී කෙටි ප්‍රකාශයක් සිදු කළ ජනාධිපතිවරයා, සහභාගී වූවන් කාලීන මාතෘකා රැසක් සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේ ය.

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය. ශ්‍රී ලංකාව සහ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රමුඛ පෙළේ එක්සත් ජනපද අධ්‍යයන ආයතන සමඟ ශ්‍රී ලංකාව පැවැත්වීමට නියමිත බොහෝ වැඩසටහන් අතරින් පළමු වැඩසටහන බවට මෙය පත්වනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2023 මාර්තු 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close