ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවරදී අමෙරිකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරික නායකයින් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවරදී අමෙරිකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරික නායකයින් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව 2023 සැප්තැම්බර් 18 වැනි දින නිව් යෝර්ක්හි පියරේ හෝටලයේ දී පැවැත්වුණු “ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” මැයෙන් ඉහළ පෙළේ ව්‍යාපාරික වටමේස සාකච්ඡාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

මෙම අවස්ථාවට රැස්ව සිටි ව්‍යාපාරික ප්‍රධානීන් අමතමින් ඉදිරි අනාගතයේ දී සමෘද්ධිමත් ජාතියක් හාවේගවත් ආර්ථික වර්ධනයක් කරා ගෙන යන ආර්ථිකය තවදුරටත් ස්ථාවර කිරීම සඳහා රජය ගෙන ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ද කරුණු දක්වමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා රටේ වත්මන් ආර්ථීක තත්ත්වය විස්තර කළේය.

රට තුළ ඔවුන්ගේ වාණිජ අවශ්‍යතා සම්බන්ධව සහභාගිවූවන් නැඟූ විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රජයේ ස්ථාවරය පැහැදිලි කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසත්, රට තුළ ආයෝජනය කිරීම සහ සංවර්ධන හවුල්කරුවන් බවට පත්වීම පිළිබඳව සලකා බලන ලෙසත් ඇමෙරිකානු සමාගම්වලට ආරාධනා කළේය.

විදේශ අමාත්‍ය අලි සබ්රි, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ ලේකම් අරුණි විජේවර්ධන, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්, ආයෝජන මණ්ඩලයේ සහ කොළඹ වරාය නගරයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා සමඟ ශ්‍රී ලංකා රජය නියෝජනය කරන අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සුවිශේෂී වටමේස සාකච්ඡාවට සහභාගි වූ අතර ඇමෙරිකානු සමාගම් සමඟ ජාලගත වීමට එම අවස්ථාව යොදා ගත්තේය.

ව්‍යාපාරික වටමේස සාකච්ඡාවේ අරමුණ වූයේ දෙරට අතර ආර්ථික අවස්ථා වර්ධනය කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමයි. ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වෙළඳ අපේක්ෂාවන් ගවේෂණය කිරීමට උනන්දු වූ ව්‍යාපාරික ආයතන 45 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයක් විය.

Franklin Templeton, Cognizant, Procter & Gamble, UPS, Auerbach Grayson, Bell Flight, Shearman & Sterling, McLarty Associates, Alvarez & Marsal Holdings, Jockey International Inc., Tomorrow.io, Arbiter Partners, Ethos Asset Management, Ergotron, Roche Diagnostics, Briarwood Chase Management, Thatcher & Co.,  Amerasian Corporation, Rank One Computing, Perdue Agribusiness, Templeton Asset Management, Morgan Stanley Investment Management, Woods Capital LLC, Rushmore Rushmore Advisors and Greenlink Global Consulting Inc.යන සමාගම් මෙම සාකච්ඡාවට සහභාගී විය.

ඔවුන් සමඟ John Keells Holdings PLC, Aitken Spence PLC, Softlogic Holdings Hayleys PLC, Gardiner Group of Companies/Galle Face Hotels,  Abans PLC, Aggreko International Power, Melsta සංස්ථාවෙහි  ඉහළ විධායක නිලධාරීන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛ නියෝජිතයෝ සහ කොළඹ කොටස් හුවමාරුව, Capital Alliance, Standard Chartered බැංකුව, කොමර්ශල් බැංකුව, ලංකා බැංකුව, හැටන් නැෂනල් බැංකුව, Hatch Works සහ NCINGA යන ආයතනද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

මෙම උත්සවය ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය (BCIU) සහ වොෂින්ටන් ඩී.සී හි ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2023 ඔක්තෝබර් 03

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close