President's Vesak Day Message

President’s Vesak Day Message

Vesak Message

The Buddhists all over the world celebrate the Vesak Festival with much religious fervour and enthusiasm to commemorate the important events that took place in the life of Gauthama Buddha on this day, namely the birth of Siddhartha Gautama, Siddharta Gautam’s supreme attainment of Buddhahood and the Mahaparinibbana. The Buddha's teaching which reflects a great vision of a superior religious sage and a humanitarian philosopher have an eternal appeal to the human civilization.

Siddhartha Gautama, the Buddha, was born in a complex era where the Indian society, embraced various beliefs and religions. The religious orthodoxy had a strong impact on that society, which also had various divisions within. Women were considered as weak beings and they enjoyed limited rights in a male dominated society.

The Buddhist teaching demolished that traditional immoral ideals and myths prevailed in that society, which was rooted in ignorance and blindness, and moved forward with scientific thoughts. The Buddha addressed the mindset of the people directly. The right of understanding the truth in our own mind after investigating the validity and truth was bestowed to ourselves by the Buddha.

Therefore, a spiritual human being emerged dispelling illusion and ignorance.

Buddha preached that human become a worthless person or a great person, not by his birth, but only through his actions. This noble concept became a strong binding force of the entire humanity.

Bestrewing metta on minds of enmity with immense kindness and pure joy, Gautama Buddha awaked the wisdom of human to show the absolution of existence and this blessed period of Vesak gives an ideal opportunity to recall the great teachings of the Noble One. I wish for a great Vaiśākhya celebration for all the Buddhists around the world.

Maithripala Sirisena

 

Vesak-PresE
Download PDF

 


 

වෙසක් පණිවුඩය

සිදුහත් කුමරුගේ උපත, සම්බුද්ධත්වයට පත්වීම සහ සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන වෙසක් උළෙල පසුබිමින් පරිත්‍රාණ ධර්ම දේශනයක් සේ ඇසෙනුයේ මානව ශිෂ්ටාචාරයේ පුළුල් පරාසයක් ආලෝකවත් කළ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු සහ විශිෂ්ට මානවවාදී ශාස්තෘවරයකුගේ උත්තුංග දැක්ම පිළිබඳ ප්‍රකාශනය වේ.

ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වනුයේ භාරතීය සමාජය විවිධ ඇදහිලි සහ ආගම් කෙරෙන් අතිශය සංකීර්ණව පැවැති අවධියකය. බ්‍රාහ්මණ බලාධිකාරීත්වය විසින් ජනවිඥානය සිය ආධිපත්‍යයට නතුකර ගෙන පැවැතිණි. ජන සමාජය විවිධ බෙදීම්කරණයට ගොදුරුව තිබිණි. ස්ත්‍රීත්වය යනු, නිෂේධනාත්මක ජීව විශේෂයක් විය. පුරුෂාධිපත්‍යය හමුවේ ඇය අව වරප්‍රසාදිත චරිතයක් වූයේය.

ආවර්ණ කල්පිත එකී ගතානුගතික සමාජ ආකල්ප පුපුරුවා හළ සම්බුද්ධාගමනය අන්ධානුකරණයේ ගැලී හුන් සමාජය විද්‍යාත්මක චින්තනයකට යොමු කළ අතර, මිනිසාගේ බුද්ධියට ඍජුව ආමන්ත්‍රණය කළේය. ඔහු සතු සිතා, විමසා බලා සත්‍යය තේරුම් ගැනීමේ අයිතිය ඔහුටම පැවරුවේය.

එනයින් මිථ්‍යාවෙන් අත්මිදුණු අධ්‍යාත්මික මිනිසකු සමාජගත වූයේය.

මිනිසකු වසලයකු හෝ ශ්‍රේෂ්ඨයකු වන්නේ උපත අනුව නොව ඔහුගේ ක්‍රියාවන් මත බව බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ දහමේ පොදු ආඛ්‍යානය වූයේය. ඒ ඔස්සේ සියලු මිනිස් වග එක රැහැනින් යා කෙරෙන සහජීවනය අනුප්‍රාණය ලද්දේය.

වෛරී සිත්මත මෛත්‍රියේ පැන් ඉසිමින් සියලු සත්වග වෙත අපරිමිත කරුණා, මුදිතා ගුණයෙන් මිනිසාගේ බුද්ධිමය ප්‍රඥාව අවදි කරමින් සසර විමුක්තිය පහදා දුන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණ සමුදාය මෙනෙහි කෙරෙන මේ පින්බර වෙසක් සමයේ අනන්ත වූ බුදු ගුණ මහිමයේ අනුහසින් සකල ලෝ වැසි බොදුනුවනට උතුම් වූ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා යි පතමි.

ම‍ෛත්‍රීපාල  සිරිසේන

Vesak-PresS

Download PDF


Vesak-PresT

Download PDF

Print Friendly, PDF & Email
Please follow and like us:

Close