
2025 මැයි 13 සිට 14 වැනි දින දක්වා ජර්මනියේ බර්ලින් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය රැස්වීමට ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රතිපත්තිමය, වගවීමේ මැදිහත්වීමක් තුළින් ගෝලීය සාමය සහ ආරක්ෂාව ඉදිරියට ගෙන යෑම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩල රැස්වීමේ ඉහළ මට්ටමේ වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරමින් රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් ජර්මානු ෆෙඩරල් ජනරජයට ස්තූති කළ අතර ගෝලීය සාම සාධක කටයුතු සඳහා ජර්මනිය දක්වන දායකත්වය අගය කළේය. අසමමිතික තර්ජන සහ වැඩි වශයෙන් හදිසි මෙහෙයුම් භූ දර්ශනයක් තිබියදීත්, ගෝලීය සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි ප්‍රයත්න පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රශංසා කළේය.
ආරක්ෂක සහ ආරක්ෂණ අංශ ඇතුළුව වෘත්තීයභාවය, විනිවිදභාවය සහ මානව ගරුත්වය ආරක්ෂා කිරීම අරමුණු කරගත් පුළුල් ප්‍රතිසංස්කරණ සඳහා නව රජය දරන ප්‍රයත්න ඔහු ඉදිරිපත් කළේය.
ගෝලීය සාමය සහ ආරක්ෂාව සඳහා අර්ථවත් ලෙස දායක වීමට නව රජය සතු කැපවීම නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළ අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවලට සහය වීම සඳහා ශ්‍රී ලංකාව විශාල වගකීම් රැසක් භාර ගැනීමට සූදානම් බව පැවසීය. සාම සාධක මෙහෙයුමේ ඵලදායී, ප්‍රතිචාරාත්මක සහ ශක්තිමත් හවුල් අරමුණු ඉදිරියට ගෙන යෑමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාව විශ්වාසවන්ත සහ දක්ෂ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව සැලකිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් ඒ. එච්. එල්. ජී. අමරපාල, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ හමුදා උපදේශක බ්‍රිගේඩියර් සුමල් වික්‍රමසේකර සහ විශේෂ කාර්ය සාධක බලකායේ පොලිස් අධිකාරී ආර්. එම්. විමලරත්න යන මහත්වරු අමාත්‍ය රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 මැයි 15 වැනි දින




