විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු විදේශ ලේකම් ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වේ

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු විදේශ ලේකම් ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වේ

 විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.ඊ. ලයනල් ප්‍රනාන්දු මහතාගේ අභාවය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ශෝකය පළ කරන අතර ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සිය බලවත් ශෝකය ප්‍රකාශ කරයි.

දිවංගත එම්.ඊ.ලයනල් ප්‍රනාන්දු මහතා 1999 සිට 2001 දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත. ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, නෙදර්ලන්තයේ සහ ප්‍රංශයේ ශ්‍රි ලංකා තානාපති වශයෙන් ද කටයුතු කර ඇත.

ඔහුගේ අභාවය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය ශෝකය පළ කරයි. එතුමා සාමදානයේ සැතපේවා!

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජූලි 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close