ශ්‍රී ලංකාවේ නව ඉස්ලාමීය පාකිස්තාන මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ නව ඉස්ලාමීය පාකිස්තාන මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා ඉස්ලාමීය පාකිස්තාන ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් උමර් ෆරූක් බුර්කි මැතිතුමා ඉස්ලාමීය පාකිස්තාන ජනරජය විසින් පත් කරන ලදී. එතුමා 2022 වර්ෂයේ පෙබරවාරි 01 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.00 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 පෙබරවාරි 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close