මහජනතාව වෙත කෙරෙන දැනුම් දීමයි

මහජනතාව වෙත කෙරෙන දැනුම් දීමයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ ඉලෙක්ට්‍රොනික ලිපි ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) මේ වන විට මන්දගාමී තත්ත්වයක් ඇති වී ඇත. මෙම තාක්ෂණික දුෂ්කරතාවය හේතුවෙන් සත්‍යාපනය කරන ලද ලේඛන පද්ධතියට බාගත කිරීමට ගතවන කාලය වැඩි වී ඇති අතර දෛනික සේවාවන්හි තදබදයක් ඇති වී තිබේ.

තොරතුරු තාක්ෂණ විශේෂඥයින් මෙම ගැටළුව මඟහරවා ගැනීමට මේ අවස්ථාවේදී කටයුතු කරමින් සිටී. මෙ‍ම තාක්ෂණික දෝෂය නිවැරදි කරන තුරු ලේඛන සහතික කිරීමේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව කොන්සියුලර් අංශයට පැමිණෙන මහජනතාවට මෙයින් උපදෙස් දෙනු ලැබේ.

කොන්සියුලර් අංශයේ ලේඛන සහතික කිරීමේ අංශය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 7.00 සිට මහජනයාට විවෘත වන අතර ප.ව. 1.30 දක්වා ලේඛන භාර ගනු ලැබේ. මෙ‍ම තාක්ෂණික ගැටළුව විසඳන තෙක් මෙම අංශය දිනකට සේවාදායකයින් 500 ක් සඳහා පමණක් සේවය ලබා දෙනු ඇත. මෙම කාලය තුළ කොන්සියුලර් අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර සිදු වන අපහසුතාවය පිළිබඳ කණගාටු වෙමු.

 

කොන්සියුලර් අංශය
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2019 ඔක්තෝම්බර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close