විදේශ අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව සඳහා සහභාගීවන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වය උසුලයි

විදේශ අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව සඳහා සහභාගීවන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වය උසුලයි

event_part_1 (1)

 

නොබැඳි ව්‍යාපාරයේ රාජ්‍ය නායකයින්ගේ සහ ආණ්ඩු ප්‍රධානීන්ගේ 18 වැනි සමුළුවට සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින්, විදේශ අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා අඟහරුවාදා දින අසර්බයිජානයේ, බාකු නුවර වෙත සම්ප්‍රාප්ත විය.

නොබැඳි ව්‍යාපාරයේ නව අසර්බයිජාන සභාපතිත්වය යටතේ, ඔක්තෝබර් 25 සිට 26 දක්වා පැවැත්වීමට නියමිත සමුළුවට පෙරාතුව පැවැත්වෙන, කටයුතු සූදානම් කිරීමේ අමාත්‍ය මට්ටමේ රැස්වීමට අමාත්‍ය මාරපන මැතිතුමා සහභාගී වනු ඇත. මෙම කටයුතු සූදානම් කිරීමේ අමාත්‍ය මට්ටමේ රැස්වීම පැවැත්වෙනුයේ, ඔක්තෝබර් 21 සිට 22 දක්වා පැවති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමෙන් අනතුරුවය.

නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව, “සමකාලීන ලෝකයක අභියෝගයන්ට සාමූහිකව ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම සඳහා බැන්ඩුං මූලධර්ම සුරැකීම” යන තේමාව යටතේ පවත්වනු ලැබේ‍.

ශ්‍රී ලංකාව 1955 බැන්ඩුං සමුළුවේ සම අනුග්‍රාහකයකු වන අතර, නොබැඳි ව්‍යාපාරයෙහි ආරම්භක සාමාජිකයෙකි. පසුගිය දශක හය තුළ දී මෙම කණ්ඩායම අඛණ්ඩ ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර, මේ වන විට එහි සාමාජිකත්වය 120 ඉක්මවා ඇත.

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 ඔක්තෝබර් 23 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close