MTC විදේශීය සුපිරි වෙළඳසැල් ජාලය ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන ප්‍රවර්ධනය කරයි

 MTC විදේශීය සුපිරි වෙළඳසැල් ජාලය ශ්‍රී ලංකාවේ නව නිෂ්පාදන ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකාවේ තානාපති සහ නිත්‍ය නියෝජිත  මජින්ත ජයසිංහ මැතිතුමා විසින් 2021 නොවැම්බර් මස 6වන සෙනසුරාදා දින  MTC විදේශීය සුපිරි වෙළඳසැල් ජාලයට සම්බන්ධ නව සුපිරි වෙළඳසැලක් වියානා නගරයෙහි දී විවෘත කරන ලදි. චාන්සරී ප්‍රධානී සහ උපදේශක චරිත වීරසිංහ මහතා ද මෙම සුපිරි වෙළඳසැල විවෘත කිරීමේ උත්සවයට සහභාගි විය.

MTC විදේශීය සුපිරි වෙළඳසැල් යනු ආසියානු සහ අප්‍රිකානු ආහාර සහ රූපලාවන්‍ය නිෂ්පාදන විශාල ප්‍රමාණයක් අලෙවි කරන ඔස්ට්‍රියාවේ පිහිටි ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැල් ජාලයකි. මෙම ස්ථාපිත සිල්ලර වෙළඳසැල් සමාගමට ඔස්ට්‍රියානු සහ විදේශීය ගනුදෙනුකරුවන්ගේ ශක්තිමත් පාරිභෝගික පදනමක් පවතින අතර එමඟින් ශ්‍රී ලාංකීය නිෂ්පාදන ස්ථානගත කිරීමට සහ ඔවුන්ගේ වෙළඳපල කොටස වැඩි කිරීමට කදිම වේදිකාවක් සපයයි.

වියානාහි පිටත දිස්ත්‍රික්කවල පිහිටි MTC සුපිරි වෙළඳසැලක දී පළමුවරට ශ්‍රී ලාංකීය නිෂ්පාදන හඳුන්වා දෙනු ලැබිණි. වියානා නගර මධ්‍යයේ පිහිටි මෙම නව සුපිරි වෙළඳසැල සහල්, බිස්කට්, කුළුබඩු, ජෑම්, ස්වභාවික ව නිෂ්පාදිත පොල් කිරි, ස්වභාවික ව නිෂ්පාදිත පොල් වතුර, අධිමිලැති සුපිරිසිදු පොල්තෙල්, ටින් කළ නිෂ්පාදන, පිටි, නූඩ්ල්ස්, කිතුල් පැණි, කුළුබඩු මිශ්‍රණ, විවිධකාරයේ සම්බෝල වර්ග සහ සිලෝන් තේ වැනි ශ්‍රී ලාංකීය නිෂ්පාදන ගණනාවකින් සමන්විත වේ.

පසුගිය වසරේ සිට මේ දක්වා තානාපති කාර්යාලය සමඟ ව්‍යාපාරික සබඳතා ස්ථිරසාර ව පවත්වා ඉදිරියට ගෙන යන මෙම සුපිරි වෙළඳසැල් ජාලයේ ව්‍යාප්තිය ශ්‍රී ලංකා නිෂ්පාදන පෙළ වෙනුවෙන් ඔවුන් පිරිනමන අනාගත ආනයන වැඩිකිරීමේ අපේක්ෂාවන් ලබා දෙයි.

ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2021 නොවැම්බර් 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close