රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය අප්‍රේල් 10-11 යන දිනවල මඩකලපුව දිස්ත්‍රික්කයේදී ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි

රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය අප්‍රේල් 10-11 යන දිනවල මඩකලපුව දිස්ත්‍රික්කයේදී ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි

විදේශ කටයුතු අමාත්‍යාංශය 2019 අප්‍රේල් 10 සහ 11 යන දිනවල මඩකලපුව දිස්ත්‍රික්කයේදී ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්  මඩකලපුව දිසාපතිවරයා සමඟ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලබන මෙම ජංගම කොන්සියුලර් සේවාව අප්‍රේල් 10 වැනි බදාදා කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත්, අප්‍රේල් 11 වැනි බ්‍රහස්පතින්දා චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත් පැවැත්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ කොටසක් ලෙස පැවැත්වෙන මෙම ජංගම සේවාවෙන් ලියකියැවිලි සත්‍යාපනය කිරීම, විදේශවල අතරමංවූ හෝ රඳවාගනු ලැබූ හෝ                       ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වලට සහය ලබාගැනීම, විදේශවල සිදුවූ උපත් සහ මරණ ලියාපදිංචිය සහ වන්දි පිළිබඳ ගැටලු සඳහා සහය ලබාගැනීම ඇතුළු කොන්සියුලර් සේවා ලබාගැනීමට මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවට හැකිවනු ඇත. තවද, විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සම්බන්ධ කරගත හැකි දුරකථන අංක හා ලිපින මෙන්ම විදේශවල ජීවත්වන හා සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ට එම දූත මණ්ඩලවලින් ලබාගත හැකි සේවාවන් පිළිබඳ තොරතුරුද මෙම ජංගම සේවාවේදී ජනතාවට ලබා ගැනීමට හැකි වේ.

මෙම ජංගම සේවය මඟින්, කොන්සියුලර් සේවාවන් සැපයීමට අමතරව,  විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික හා මහජන රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන් යටතේ කෙරෙන වැඩ කටයුතු සම්බන්ධයෙන්ද ජනතාව දැනුම්වත් කිරීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2019 අප්‍රේල් 07 වැනිදා  

Print Friendly, PDF & Email
Please follow and like us:

Close