වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරියට එරෙහි චෝදනා පිළිබදව  විදේශ සබදතා අමාත්‍යාංශය අදහස් දක්වයි

වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරියට එරෙහි චෝදනා පිළිබදව  විදේශ සබදතා අමාත්‍යාංශය අදහස් දක්වයි

එක්සත් රාජධානියේ වර්තමාන මහ කොමසාරිස්වරියට එරෙහිව ඇය ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර පිළිබදව ඇතැම් පුවත්පත් හා වෙබ් අඩවීන් මගින් පළ කර ඇති චෝදනාත්මක පුවත් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

තෙවන රටක දී ලබා ගැනීමට සිදුවන වෛද්‍ය ප්‍රතිකාරයන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති අමාත්‍යාංශීය චක්‍රෙල්ඛ, ස්ථාපිත ක්‍රියා පටිපාටි හා පූර්වාදර්ශ පදනම්ව මෙම වියදමට අදාළ ගෙවීම් අනුමත කර ඇති බව අමාත්‍යාංශය විසින් පැහැදිලි කරනු ලැබේ.

සියළුම රජයේ නිළධාරීන්, ශ්‍රී ලංකාවේ දී ප්‍රතිලාභ හිමිවන “අග්‍රහාර“ නමැති වෛද්‍ය යෝජනා ක්‍රමයට දායක වන අතර  ඒ සමානවම ශ්‍රී ලංකා රජය මගින් පත්වීම් ලබා දී විදේශ තානාපති කාර්යාලයන්හි සියරට පේරු පදනම මත සේවය සදහා යොමු කර ඇති සියළු නිළධාරීන්ගේ අත්‍යාවශය වෛද්‍ය ප්‍රතිකාරයන්හිදී ප්‍රතිලාභ ලබා දීමට සකසා ඇති වෛද්‍ය යෝජනා ක්‍රමයේ විධි විධානයන්ට යටත්ව මෙම ගෙවීම් සදහා අනුමැතිය ලබා දී ඇත.

පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය සමග සම්බන්ධවීමට  නොහැකි රාජ්‍ය නිළධාරීන් මෙහිදී අපකීර්තියට පත්වන අතර මෙම සිදුවීමේදී මෙන් බරපතල වෛද්‍ය ගැටළුවක දී පවා සිය පෞද්ගලිකත්වයට හානි ගෙන දෙන අන්දමින් විවේචනයන් සිදු කිරීම කණගාටුවට කරුණකි.

විදේශ සබදතා අමාත්‍යාංශය

කොළඹ

2020 මැයි 29

Print Friendly, PDF & Email
Please follow and like us:

Close