විදේශ කටයුතු අමාත්යාංවශය ප්රංාශ තානාපති කාර්යාලය සමඟ එක්ව කොළඹ 4, ශාන්ත මරියා දේවස්ථානයේදී පැවති අභාවප්රා ප්ත ශ්රීක ලංකාවේ සහ මාලදිවයිනේ ප්රංශශ තානාපති ජෝන් ෆ්රොන්සුවා පැක්තේ මහතාගේ ගුණානුස්මරණ දේවමෙහෙයට සහභාගී වෙයි

විදේශ කටයුතු අමාත්යාංවශය ප්රංාශ තානාපති කාර්යාලය සමඟ එක්ව කොළඹ 4, ශාන්ත මරියා දේවස්ථානයේදී පැවති අභාවප්රා ප්ත ශ්රීක ලංකාවේ සහ මාලදිවයිනේ ප්රංශශ තානාපති ජෝන් ෆ්රොන්සුවා පැක්තේ මහතාගේ ගුණානුස්මරණ දේවමෙහෙයට සහභාගී වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්රොන්සුවා පැක්තේ මහතාගේ හදිසි අභාවය පිළිබඳව  විදේශ කටයුතු අමාත්‍යාංශය සිය බලවත් ශෝකය පළ කරයි. ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට එතුමන් සිදුකළ විශිෂ්ඨ සේවයට සහ ලබාදුන් වටිනා දායකත්වයට උපහාරයක් වශයෙන් එතුමාගේ ජීවිතය ගුණානුස්මරණය කිරීම සඳහා සංවිධානය කළ දේව මෙහෙයක් අද පෙරවරුවේ කොළඹ ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි. වතිකානුවේ ශුද්ධවූ පාප් වහන්සේගේ ශ්‍රී ලංකාවේ අපෝස්තලික නියෝජිත බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන් විසින් මෙම දේව මෙහෙය පවත්වන ලද අතර කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එය සංවිධානය කරන ලදී.

දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා දිවංගත තානාපතිවරයා දැක්වූ  කැපවීමට සහ නොපසුබස්නා ප්‍රයත්නයන්ට උපහාර දැක්වීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික බළකායේ නිලධාරීන්, නිර්වේතනික කොන්සල්වරුන් සහ ප්‍රංශ ප්‍රජාවේ සාමාජිකයින් මෙම ශෝකජනක අවස්ථාවට සහභාගී වූහ. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන, කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ අතරතුර තානාපති මාරි නොයෙල් ඩුරිස් යන මහත්ම මහත්මීන් ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා පැක්තේ මහතාගේ දායකත්වය සිහිපත් කරමින් දේව මෙහෙය ඇමතූහ.

ප්‍රංශ ජනාධිපතිවරයෙකුගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය, සමාරම්භක ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීම්  කැඳවීම සහ ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සැමරීම ඇතුළු අතිවිශේෂ අවස්ථා සනිටුහන් කිරීමට දිවංගත තානාපතිවරයා එම ධූරය දැරූ කෙටි කාලය තුළදී මූලිකත්වය ගෙන ක්‍රියා කළේය.

තානාපති පැක්තේ මහතා දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන අතර, ජාතික කුසලතා අනුපිළිවෙලෙහි ෂෙවලියර් තත්වය සහ ප්‍රංශයේ විදේශ කටයුතු සඳහා පිරිනමන ගෞරව පදක්කම් ලැබූ නිලධාරියෙකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රංශ සමූහාණ්ඩු රජයට, කොළඹ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට, අභාවප්‍රාප්ත තානාපතිවරයාගේ පවුලේ අයට, මිතුරන්ට සහ හිතවතුන්ට සිය බලවත් ශෝකය ප්‍රකාශ කරයි. අපගේ ද්විපාර්ශ්වික සබඳතා සඳහා එතුමා දැක්වූ  දායකත්වය සෑමවිටම සිහිපත් කරනු ලැබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මැයි 31 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close