තිලක් මාරපන, සරත් අමුණුගම හා ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසි වාරයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට

තිලක් මාරපන, සරත් අමුණුගම හා ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසි වාරයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට

2017 මාර්තු 23 දිනැති අංක 34/1 හා දරන යෝජනා සම්මතයෙන් මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටි පරිදි, 2015 ඔක්තෝබර් 15 දිනැති අංක 30/1 දරන යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් යාවත්කාලීන ලිඛිත වාර්තාවක් 2018 මාර්තු 21 වැනි දින කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාර්තු මස 21 වැනි දින පැවැත්වෙන කවුන්සිලයේ 37 වැනි සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරු ඇතුළත් වෙති. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා නියෝජිත පිරිසේ නායකත්වය දරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය හා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය යන අයතනවල නිලධාරීහුද මෙම නියෝජිත පිරිසට ඇතුළත් වෙති.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 මාර්තු 19 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close