
මෙරට සංචාරයක නිරතවන, නියෝජ්‍ය කථානායක ගරු ලී හැක් යන්ග් මහතාගේ නායකත්වයෙන් යුත් කොරියානු ජනරජයේ ජාතික සභාවේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2026 පෙබරවාරි 03 වැනි දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවිය.
KOICA සහ කොරියානු එක්සිම් බැංකුව හරහා ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා කොරියානු රජයට සිය කෘතඥතාව පළ කළේය. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පසුව, කොරියානු ජනරජයෙන් ලැබුණු සහාය වෙනුවෙන් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළේය.
මෑත වසරවලදී, ශ්‍රී ලංකාව වෙත දකුණු කොරියානු සංචාරකයින්ගේ පැමිණීම්වල ඉහළ යෑම අමාත්‍ය හේරත් ඉස්මතු කළ අතර දෙරට අතර සංචාරක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළේය. දෙරට අතර ජනතා සබඳතා කෙරෙහි ද අමාත්‍යවරයා අවධානය යොමු කළ අතර මෙම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම නැවත අවධාරණය කළේය. දෙරටේ පාර්ලිමේන්තු අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට දක්වන උනන්දුව ද ප්‍රකාශ කළේය. කොරියානු ජනරජයේ ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා ඉහල නංවන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා වෙනුවෙන් තවදුරටත් සහාය වීම සඳහා දකුණු කොරියානු රජයේ උනන්දුව කොරියානු ජනරජයේ ජාතික සභාවේ නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර වෙළඳ හා ආර්ථික සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ අභිප්‍රාය ද ඔහු ප්‍රකාශ කළ අතර කොරියානු ජනරජයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමට ප්‍රතිඥා දුන්නේය.
ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර අඩ සියවසකට ආසන්න කාලයක් පුරා පැවති ශක්තිමත් සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා දෙපාර්ශ්වයම සිහිපත් කළ අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති කැපවීම නැවත තහවුරු කළහ.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති මියොන් ලී සහ අමාත්‍යාංශයේ සහ කොළඹ පිහිටි කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම රැස්වීමට සහභාගී වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 පෙබරවාරි 06 වැනි දින





