මැද පෙරදිග අංශය
මැද පෙරදිග අංශය, මැදපෙරදිග කලාපයට අදාළ සියලු ද්විපාර්ශ්වික දේශපාලනික හා ආර්ථික කරුණු සහ බහුපාර්ශ්වික කරුණු ආවරණය හා සම්බන්ධීකරණය සිදුකරයි.
මැද පෙරදිග රටවල් 14 ක් සමඟ ශ්‍රී ලංකාව විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා ගෙන තිබේ. (බහරේන් රාජධානිය, ඉරාන ඉස්ලාමීය ජනරජය, ඉරාක ජනරජය, ඊශ්‍රායෙල් රාජ්‍යය, ජෝර්දාන හෂෙමයිට් රාජධානිය, කුවේට් රාජ්‍යය, ලෙබනන් ජනරජය, ඕමාන සුල්තාන් රාජ්‍යය, පලස්තීන රාජ්‍යය, කටාර් රාජ්‍යය, සෞදි අරාබි රාජධානිය, සිරියානු අරාබි ජනරජය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමන ජනරජය)
ශ්‍රී ලංකාව, මෙම කලාපයේ පිහිටි රාජ්‍යයන් 14 අතර නේවාසික තානාපති කාර්යාල 11 ක් (මනමා, ටෙහෙරාන්, බැග්ඩෑඩ්, ටෙල් අවිව්, අම්මාන්, කුවේට්, බේරූට්, මස්කට්, දෝහා, රියාද් සහ අබුඩාබි), රමල්ලා නගරයේ එක් නියෝජිත කාර්යාලයක් සහ කොන්සල් ජනරාල් කාර්යාල 2 ක් (ඩුබායි සහ ජෙඩා) පිහිටුවා ඇත.
ඕමානයේ සහ ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පිළිවෙලින් යේමනය සහ සිරියාව සඳහා සමගාමීව අක්තගන්වා ඇත.
ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසර්බයිජානය සහ ටර්ක්මෙනිස්තානය වෙත සමගාමීව අක්තගන්වා ඇත.
ඊශ්‍රායලය (ජෙරුසලම), පලස්තීනය (බෙත්ලෙහෙම), ඉරාකය (බැග්ඩෑඩ්) සහ සිරියාව (කුර්දිස්තානය) යන රටවල ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් නියෝජනයන් 04 ක් පවතී.
මෙම අංශය, කොළඹ පිහිටි මැදපෙරදිග තානාපති කාර්යාල 08 ක් (ඉරානය, ඉරාකය, කුවේට්, ඕමානය, පලස්තීනය, කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය) සහ නවදිල්ලියේ පිහිටි මැද පෙරදිග තානාපති කාර්යාල 06 ක් (ලෙබනනය, ජෝර්දානය, ඊශ්‍රායලය, සිරියාව, යේමනය, බහරේනය) සමඟ සම්බන්ධීකරණය ද සිදුකරයි.
මැද පෙරදිග කලාපයේ නිර්වේතනික කොන්සල් නියෝජන 03 ක් (ඊශ්‍රායලය, ජෝර්දානය සහ යේමනය) කොළඹ පිහිටුවා ඇත.















