විදේශ කටයුතු අමාත්‍යාංශය කොන්සියුලර් සේවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ජංගම සේවා පවත්වයි

විදේශ කටයුතු අමාත්‍යාංශය කොන්සියුලර් සේවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ජංගම සේවා පවත්වයි

Image 01

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ මාර්ගෝපදේශ යටතේ, එතුමාගේ සහභාගීත්වය ඇතිව, මෙම අමාත්‍යාංශය විසින් ලබා දෙනු ලබන කොන්සියුලර් සේවාවන් සහ වෙනත් සහායන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් යුතුව, ත්‍රිකුණාමලය හා මහනුවර දිස්ත්‍රික්කවල කොන්සියුලර් සේවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සමෝධානීකරන කොන්සියුලර් සේවාවන් විදේශ කටයුතු අමාත්‍යාංශය මෑතක දී පැවැත්වීය.

මෙම සමෝධානික කොන්සියුලර් ජංගම සේවාවන් දෙක ත්‍රිකුණාමලය හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමඟ එක්ව, විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිව, 2019 ජුනි හා ජූලි මාසවල දී සංවිධානය කරන ලදී.

කොන්සියුලර් අංශය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලද්දේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රජයේ නිලධාරීන්ගේ යහපත උදෙසාය.

මෙම සමෝධානික කොන්සියුලර් ජංගම සේවාවන්වල දී අනෙකුත් පාර්ශ්වකරුවන් ද සමඟ එක්ව මෙම අමාත්‍යාංශය මඟින් ත්‍රිකුණාමලය සහ මහනුවර දිස්ත්‍රික්කවල පුද්ගලයන් විශාල සංඛ්‍යාවකට කොන්සියුලර් සහාය සහ වෙනත් සේවාවන් ලබා දෙන ලදී.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 ජූලි 23  වැනි දින

Image 02

Print Friendly, PDF & Email
Please follow and like us:

Close