විදේශ කටයුතු අමාත්‍යාංශය  ‘රාජ්‍ය සේවය ගමට ගෙනයන ජනතා සේවය’ වැඩසටහනට සහභාගී වෙයි

විදේශ කටයුතු අමාත්‍යාංශය  ‘රාජ්‍ය සේවය ගමට ගෙනයන ජනතා සේවය’ වැඩසටහනට සහභාගී වෙයි

Photo 1ඉකුත් ජූනි 01 වැනි දින මාතලේදී පැවැති ‘රාජ්‍ය සේවය ගමට ගෙනයන ජනතා සේවය’ ජාතික වැඩසටහනේ පළමුවැනි වැඩසටහනට සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍යාංශය, මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලේදී කොන්සියුලර් ජංගම සේවාවක් පැවැත්වීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුග්‍රහය යටතේ පැවැත්වුණු ‘රාජ්‍ය සේවය ගමට ගෙනයන ජනතා සේවය’ වැඩසටහන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මඟපෙන්වීම යටතේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කරනු ලැබිණි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් ජංගම සේවය පවත්වනු ලැබූයේ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සමඟ සම්බන්ධීකරණයෙනි.

විදේශීය ආයතන වෙත ඉදිරිපත් කරනු ලබන ලියකියැවිලි සත්‍යාපනය කිරීම; විදේශයන්හි අතරමං වූ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීමට සහය වීම; විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල කරනු ලැබූ ශ්‍රී ලාංකික පුද්ගලයන්ගේ උපත්, විවාහ, හා මරණ ලියාපදිංචිය පිළිබඳ තොරතුරු ලබාගැනීම; ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ වැටුප්, වන්දි, හා රක්ෂණ හිඟයන් ලබාගැනීම සම්බන්ධ සේවාවන් මෙන්ම විදේශයන්හිදී මිය ගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘත ශරීර මෙරටට ගෙන්වා ගැනීම ආදිය  මෙහිදී මාතලේ දිස්ත්‍රික් ජනතාව වෙත විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබා දෙන ලද සේවාවන්වලට ඇතුළත් විය.

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 

2019 ජූනි 14 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close