මාධ්‍ය නිවේදනය: අසර්බයිජානයේ දී මිය ගිය ශ්‍රී ලාංකික සිසුන් තිදෙනාගේ දේහයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම

මාධ්‍ය නිවේදනය: අසර්බයිජානයේ දී මිය ගිය ශ්‍රී ලාංකික සිසුන් තිදෙනාගේ දේහයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම

අසර්බයිජානයේ බකු නුවර බටහිර කැස්පියන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් තිදෙනාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අසර්බයිජානයේ බකු නුවර පිහිටි ජනරජ රෝහලේ දී අවසන් කර ඇත.

ජනවාරි 9වන දින අසර්බයිජානයේ දී මියගිය එම සිසුන් තිදෙනාගේ දේහයන් අවශ්‍ය ලියකියවිලි සම්පුර්ණ කිරීමෙන් පසු රාජ්‍ය වියදමින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විට කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටී.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
13 ජනවාරි  2020
Print Friendly, PDF & Email
Please follow and like us:

Close