මාධ්‍ය ප්‍රකාශය

මාධ්‍ය ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ සිටින මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං මහතා මෑතකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී, දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා සලකා බැලිය යුතු බහුවිධ සහය, අවශ්‍යතා තක්සේරුවක් මත පදනම්ව ලබා දීම පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පසුව චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අමාත්‍ය හේරත් මහතා රැස්වීම අතරතුරදී සිය කෘතඥතාව පළ කළේය.

තවද, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා අංක 2758 ට අනුකූලව, එක් චීනයක් ප්‍රතිපත්තිය සඳහා ශ්‍රී ලංකාව දිගුකාලීනව දක්වන සහයෝගය අමාත්‍යවරයා නැවත අවධාරණය කළ අතර, සමස්ත චීනයේ එකම නීත්‍යානුකූල රජය ලෙස මහජන චීන සමූහාණ්ඩුවේ රජය ශ්‍රී ලංකාව අඛණ්ඩව පිළිගන්නා බව අවධාරණය කළේය.

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

 2026 ජනවාරි 02 වැනි දින

 

Please follow and like us:

Close