එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ ශ්‍රී ලාංකික භටයන් දෙදෙනකුට තුවාල සිදු කරමින් දකුණු ලෙබනනයේ නකෝරාහි ලෙබනනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයුමේ මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙලා දකියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන්නන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතබවද එක්සත් ජාතීන්ගේ පරිශ්‍රවල අනුල්ලංඝනීයභාවයද සහතික කිරීමෙහිලා රටවල් සතු වගකීම් ශ්‍රී ලංකාව සැමවිටම ඉහළට ඔසවා තබයි.
ශ්‍රී ලාංකික සාමසාධක භටයන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සහ ඔවුන්ගේ කඩිනම් සුවය සම්බන්ධයෙන් බෙයිරූට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයුම සමඟ සමීපව කටයුතු කරයි. ලොව පුරා සේවය කරන එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා භටයන්ගේ නිර්භීත දායකත්වය ශ්‍රී ලංකාව අගය කරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2024 ඔක්තෝබර් 11 වැනිදා
Please follow and like us: