එක්සත් රාජධානිය, බෙල්ජියම සහ නෝර්වේහි ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් (ප්‍රදූත) සේවා සීමා කිරීම

එක්සත් රාජධානිය, බෙල්ජියම සහ නෝර්වේහි ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් (ප්‍රදූත) සේවා සීමා කිරීම

කෙරෝනා වෛරසය (COVID-19) සම්ප්‍රේෂණය වීම සීමා කිරීම සහ අලුතින් නම් කරන ලද රටවලට පනවා ඇති සංචාරක සීමාවන් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සහතික කිරීම සඳහා, විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් මාර්තු 15 වන දින මධ්‍යම රාත්‍රි පැය 2359 සිට බ්‍රසල්ස්, ලන්ඩන් සහ ඔස්ලෝහි දූත මණ්ඩල මඟින් සපයන කොන්සියුලර් (ප්‍රදූත) සේවා නියාමනය කිරීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇත.

රජය විසින් තවත් ගමනාන්ත තුනක් එක් කරමින් නම් කරන ලද රටවල් ලැයිස්තුව යාවත්කාලීන කර ඇති අතර, ගමනාරම්භක ස්ථානය තර්ජනයක් විය හැකි සහ ප්‍රවේශය සීමා කිරීම කල්පනාකාරී විය හැකි බවට සලකන සියලු අභ්‍යන්තර සංචාර සීමා කිරීමට දරන උත්සාහයන්ට නිසි සහයෝගය ලබා දීම, මෙම තීරණයට හේතු පාදක වී තිබේ.

ඒ අනුව, 2020 මාර්තු 16 වන දින සිට, ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ඉටු කරනු ලබන කොන්සියුලර් සේවාවන්, හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම, මරණ ලියාපදිංචිකිරීම සම්බන්ධ සහතික නිකුත් කිරීම සහ වෙනත් අවශ්‍ය යැයි සැලකෙන හදිසි සේවාවන් සඳහා සීමා කෙරේ. අදාළ දූත මණ්ඩල විසින් එක් එක් සිද්ධිය මත පදනම්ව මෙම සේවා සැපයීමට කටයුතු කරනු ඇති අතර, ශ්‍රී ලාංකිකයන් හෝ විදේශිකයන් දූත මණ්ඩල කාර්යාල පරිශ්‍රයන්හි අනවශ්‍ය ලෙස එක්රැස් වීම වැලැක්වීම සඳහා දූත මණ්ඩල කාර්යාල සමඟ සම්බන්ධීකරණය වෙමින් සේවා ලබා ගැනීම සඳහා පූර්ව අයදුම් කිරීමක් මඟින් වේලාව වෙන් කර ගැනීම අනිවාර්ය වේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 මාර්තු 15 වන දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close