ජපන් විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි

ජපන් විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි

J-FM

ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය ටාරෝ කොනෝ මහතා 2018 ජනවාරි 05 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙයි. ජපානයේ විදේශ අමාත්‍යවරයකු මෙරට සංචාරය කරනුයේ වසර පහළොවකට පසුවය.

සිය සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් බැහැදැකීමට නියමිත අමාත්‍ය කොනෝ මහතා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජපානය සහ ශ්‍රී ලංකාව ඉතා සමීප දේශපාලන, ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතා පවත්වන අතර ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන සහකරුවෙකි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 

2017 දෙසැම්බර් 27 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close