විදෙස්ගත ශ්‍රී ලාංකික වෘත්තිකයින් මඟින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය ලොව ප්‍රචලිත කරන වැඩසටහනක් ලනඩන් නුවරින් ඇරඹෙයි

විදෙස්ගත ශ්‍රී ලාංකික වෘත්තිකයින් මඟින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය ලොව ප්‍රචලිත කරන වැඩසටහනක් ලනඩන් නුවරින් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර  කළමනාකරණය ලෝකයේ ප්‍රචලිත කීරිමේ සමාරම්භක රැස්වීමක් අන්තර්ජාලය හරහා ඉකුත් 29දා පැවැත්විණ. බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධ කරගනිමින් පැවැති මෙම අන්තර්ජාල සම්මන්ත්‍රණයට එක්සත් රාජධානියේ වෘත්තීය ශ්‍රී ලාංකිකයන් ගේ සංගමය (APSL UK) හා ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සම්මේලනය (SLASSCOM) සම්බන්ධ වී සිටියහ. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර එයට ලියාපදිංචි සහභාගී වන්නන් 140 කට අධික පිරිසක් එක්ව සිටියහ.

ආරම්භක දේශනය ඉදිරිපත් කරමින්එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඩිජිටල් ක්ෂේත්‍රය තුළ පවත්වා ගැනීමත්ශ්‍රී ලංකාවේ ශක්තිමත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය ගෝලීය වේදිකාවට ගෙන යාමත් රජයේ අරමුණ වන බවයි. විවිධ අන්දමින් හොඳින් ස්ථාපිතව සිටින බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ප්‍රජාවේ දායකත්වය ඇතිව ශ්‍රී ලාංකික කුසලතා ගෝලීය පෙරමුණට ගෙන ඒමට අවස්ථාව ලබා දීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය මෙම වෙබිනාර් සාකච්ඡාව ආරම්භ කළ බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

වෙබිනාර් සාකච්ඡාව අමතමින්ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජේ මොහොට්ටාල මහතා විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන වාතාවරණය සහ එහි පවතින අවස්ථා පිළිබඳව ද, SLASSCOM හි සභාපති චන්න මනෝහරන් මහතා විසින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ අංශය සහ කුසලතාවයේ දිවයින (Island of Ingenuity overview) පිළිබඳව සහ SLASSCOM හි අලෙවිකරණ සංසදයේ ප්‍රධානී මුදීත් උස්වත්ත මහතා විසින් SLASSCOM ගෝලීය යොමු කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව ද අදහස් දක්වන ලදී. මෙම සැසිය මෙහෙයවන ලද්දේ තොරතුරු තාක්‍ෂණ උපදේශක සහ APSL හි හිටපු සභාපති මර්වින් සිල්වා මහතා විසිනි.

එක්සත් රාජධානියේ APSL හි සභාපති ආචාර්ය මහේෂ් ද සිල්වා මහතා එම සංගමය හා ඔවුන් විසින් සිදු කරන ලද කාර්යයන් පිළිබඳ කෙටි විස්තරයක් කළේය. මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය (වාණිජ) ආචාර්ය ලක්මිණි මෙන්ඩිස් මහත්මිය විසින් ස්තූති කථාව පවත්වන ලදී.

මෙම අන්තර්ජාල සම්මන්ත්‍රණයට ප්‍රශ්නෝත්තර සහ ජාලකරණ සැසියක් ද ඇතුළත් විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2020 නොවැම්බර් 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close