ඉන්දියානු සාගර වටද්දර සංගමයේ සාමාජික රාජ්‍යයන්, සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අදාළ නිර්දේශ නියමයන් සකස් කරයි.

ඉන්දියානු සාගර වටද්දර සංගමයේ සාමාජික රාජ්‍යයන්, සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අදාළ නිර්දේශ නියමයන් සකස් කරයි.

Image 01

ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) සාමාජික රාජ්‍යයන් 2018 සැප්තැම්බර් 4-5 දිනවල කොළඹදී රැස්වූ අතර සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම පිහිටුවීම සඳහා පවත්වන ලද මූලික වැඩමුළුවකදී ඊට අදාළ නිර්දේශ නියමයන් සකස් කර අවසන් කළහ. 2017 වසරේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී පවත්වන ලද අමාත්‍ය රැස්වීමේදී සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාව පිළිබඳ 2017 – 2021 සඳහා වන ඉන්දියානු සාගර වටද්දර සංගමයේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකාව විසින් සිදු කිරීමට තීරණය විය. සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම පිහිටුවීමද මෙයට ඇතුළත් විය.

මෙම වැඩමුළුවේදී නිර්දේශ නියමයන් සකස් කර අවසන් කිරීම, ඉන්දියානු සාගර වටද්දර සංගමයේ සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාවට අදාළ ප්‍රමුඛතා ක්ෂේත්‍රයේ වැඩකටයුතුවල වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරයි. මෙම ක්‍රියාකාරී කණ්ඩායම, පාර්ශ්වකරුවන් අතර ප්‍රායෝගික සම්බන්ධීකරණය පහසු කිරීම මගින් කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සාමාජික රාජ්‍යයන්වල නාවික නිලධාරීන් හා ප්‍රවීණයන් සම්බන්ධ කරගැනීම සදහා යාන්ත්‍රණයක් සපයයි.

සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාව පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් ඉදිරියට ගෙනයාම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ අරමුණු මෙම නිර්දේශ හා නියමයන්හි සඳහන් වේ. සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාව පිළිබඳ සාමූහික අවදානම්, ඉන්දියානු සාගර කලාපයේ පවතින තර්ජන හා අවස්ථා; හැකියාවන් වැඩිදියුණු කිරීම හා ශක්නුතා වර්ධනය හරහා වෙරළාරක්ෂාව හා සුරක්ෂිතතාව පිළිබඳ ඒකාබද්ධ ප්‍රතිපත්තියක් සකස් කිරීම; ශක්‍නුතාව හා හැකියාව ශක්තිමත් කිරීම සඳහා මෙන්ම වෙරළාරක්ෂාව හා සුරක්ෂිතතාව පිළිබඳ ක්ෂේත්‍රයේ ආයතන පිහිටුවීම සඳහා ඉන්දියානු සාගර වටද්දර සංගමයේ කාර්ය රාමුව තුළ හවුල්කාරීත්වයක් ගොඩනැංවීම, සහ ඉන්දියානු සාගර වටද්දර සංගමයේ සාමාජික රාජ්‍යයන් අතර සමුද්‍ර ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම යනාදියද මෙයට ඇතුළත්ය.

මෙම මූලික වැඩමුළුවේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව විසින් දරන ලද අතර, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැඩගස්කරය හා දකුණු අප්‍රිකාව යන රටවල් එහි සම සභාපතීත්වය දරන ලදී. මෙම වැඩමුළුව විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලදී.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 සැප්තැම්බර් 07 වැනිදා

Image 02

Image 03

Print Friendly, PDF & Email
Please follow and like us:

Close