2019 අගෝස්තු 8 හා 9 දිනවල දී පැවැත්වෙන ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සමුද්‍රීය සුරක්ෂිතභාවය හා ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමුවැනි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදෙයි.

2019 අගෝස්තු 8 හා 9 දිනවල දී පැවැත්වෙන ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සමුද්‍රීය සුරක්ෂිතභාවය හා ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමුවැනි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදෙයි.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සමුද්‍රීය සුරක්ෂිතභාවය හා ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ (MSSWG) පළමුවැනි රැස්වීම ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ අගෝස්තු 8 හා 9 දිනවල දී පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීමේ දී, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ක්‍රියාකාරී සැලැස්ම (2017-21) වැඩිදියුණු කරමින්, කළාපීය න්‍යායපත්‍රයක් සැකසීම උදෙසා සාමාජික රටවල් සමඟ එක්ව වසර දෙකක් සඳහා වූ කාර්ය සැලැස්මේ කටයුතු නිම කරනු ඇත.

මෙම සංවිධානය, එහි සාමාජික රටවල් 22 හා සංවාද පාර්ශ්වකරුවන් 09 තුළින් කළාපීය සහයෝගීතාව සහ ඉන්දියානු සාගර කළාපය තුළ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ක්‍රියාශීලී අන්තර් ආණ්ඩු සංවිධානයක් වේ.

ඉන්දියානු සාගර කළාපයේ ස්ථායී සමුද්‍රීය පරිසරය ආර්ථික හා උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් වන බව හඳුනාගත් 2011 නොවැම්බර් මාසයේ පැවති ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ 11 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම, එහි දී, සමුද්‍රීය සුරක්ෂිතභාවය හා ආරක්ෂාව, ප්‍රමුඛතාවය ලබා දිය යුතු ක්ෂේත්‍ර හයෙන් (06) එක් ක්ෂේත්‍රයක් වශයෙන් පිළිගන්නා ලදී.

මෙම ‍සංගමය, කළාපීය අභියෝග සාර්ථකව ජයගැනීම සඳහා ආරක්ෂාව හා පාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගිතාවය වැඩිදියුණු කිරීමට පුළුල් පරාසයකින් යුත් ක්‍රියාකාරකම් ඉටුකිරීම තුළින් ඉන්දියානු සාගරයේ සමුද්‍රීය සුරක්ෂිතභාවය හා ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා කටයුතු කරමින් සිටී.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සමුද්‍රීය සුරක්ෂිතභාවය හා ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම (IORA MSSWG) 2018 සැප්තැම්බර් මාසයේ දී ස්ථාපනය කරන ලද අතර, වසර දෙකක කාලසීමාවක් සඳහා එහි සභාපතිත්වය උසුළනු ලබන්නේ ශ්‍රී ලංකාව විසිනි. පසුගිය වසරේ දී, මෙම ක්‍රියාකාරී කණ්ඩායම සඳහා කාර්ය නිර්දේශයන්හි වැඩකටයුතු කොළඹ දී නිම කරන ලදී.

ශ්‍රී ලංකාවට භූ උපායමාර්ගික වශයෙන් වැදගත්වන පිහිටීමක් හා සමුද්‍රීය සුරක්ෂිතභාවය හා ආරක්ෂාව පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් විවිධාකාර අත්දැකීම් තිබෙන හෙයින්, ශ්‍රී ලංකාව ඒ පිළිබඳ විශේෂඥභාවය හා අත්දැකීම් බෙදාහදා ගැනීමෙන් මෙම ක්‍රියාකාරී කණ්ඩායමට වැඩි දායකත්වයක් ලබා දෙයි.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය සමඟ එක්ව කටයුතු කිරීම මඟින් ඉන්දියන් සාගරයේ වෙරළාසන්න රටවල් සමඟ සහයෝගීතාවය වැඩිදියුණු කරන අතරම, එය ශ්‍රී ලංකාවේ නීල-හරිත ආර්ථික න්‍යායපත්‍රය සමඟ අනුකූල වීමක් ද වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඔ
2019 අගෝස්තු 5 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close