ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා 2021 ජනවාරි 5-7 දිනවල ශ්‍රී ලංකාවේ දී නව වසරේ සිය පළමු විදේශ සංචාරයෙහි නිරත වෙයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා 2021 ජනවාරි 5 සිට 7 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත. මෙම සංචාරය අතරතුර දී අමාත්‍ය ආචාර්ය ජයශංකර් මැතිතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙම නිල සංචාරය මඟින් 2021 දී ශ්‍රී ලංකාවට ඉහළ පෙළේ විදේශීය සම්භාවනීය පුද්ගලයකුගේ පළමු පැමිණීම සනිටුහන් කරන අතර, එය නව වසරේ දී විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර් මැතිතුමා ඉන්දියාවෙන් පිටත දී නිරත වන මුල්ම නිල සංචාරය ද වේ. සුවිශේෂී කරුණක් ලෙස, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර් මැතිතුමා 2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිල සංචාරයක නිරත වූ විදේශීය අමුත්තා වූ අතර, එහි දී එතුමා සුබපැතුම් එක් කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළමු රාජ්‍ය සංචාරය ඉන්දියාව වෙත සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා කළ ආරාධනය ද පිරිනැමීය. එවැනි ඉහළ මට්ටමේ හුවමාරු හරහා සහයෝගීතාවයේ විවිධ අංශවල ද්විපාර්ශ්වික සබඳතාවය ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම අපේක්ෂා කරයි.

දෙරටේ කොවිඩ්-19 සංචාරක සීමාවන් මධ්‍යයේ මෙම සංචාරය එයාර් බබ්ල් සංකල්පය හරහා සංවිධානය කර ඇත.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජනවාරි 4 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close