සමෝධානීකරන කොන්සියුලර් ජංගම සේවා කුරුණෑගල දී හා දඹුල්ලේ දී

සමෝධානීකරන කොන්සියුලර් ජංගම සේවා කුරුණෑගල දී හා දඹුල්ලේ දී

Figure 4

විදේශ අමාත්‍යාංශය මහජනයා වෙත ලබාදෙන කොන්සියුලර් සේවාවල තවත් අංගයක් වශයෙන්, දුරස්ථ ප්‍රදේශවල මහජනතාවට යහපත සලසමින්, විදේශ අමාත්‍ය තිලක් මාරපන මැතිතුමාගේ මාර්ගෝපදේශ මත 2019 අගෝස්තු 09 හා 10 දිනවල දී කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී හා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සමෝධානීකරන කොන්සියුලර් ජංගම සේවාවන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරන ලදී.

කුරුණෑගල දී හා දඹුල්ලේ දී පැවති මෙම සමෝධානීකරන කොන්සියුලර් ජංගම සේවාවන්වල දී, විවිධ කොන්සියුලර් ගැටලු සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයේ සහය පතමින් පැමිණි පිරිස සමඟ කථාබස් කළ මාරපන අමාත්‍යවරයා, ඔවුන්ගේ දුක්ගැනවිලිවලට විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය, මෙම ජංගම සේවාවන්වල දී, විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යන ආයතනවල සේවාවන් ද, කුරුණෑගල හා දඹුල්ල ප්‍රදේශවල මහජනතාවට ලබා ගැනීමට ඉඩකඩ සැලසීය.

මෙම කොන්සියුලර් ජංගම සේවාවන්‍ තුළ දී, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 කින්, මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11 කින් හා ඊට සමීප ප්‍රදේශවලින් පැමිණි මහජනතාව මෙම අමාත්‍යාංශයේ සහය ලබාගත්හ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 අගෝස්තු 23 වැනි දින

Figure 3

Figure 2

Figure 1

Print Friendly, PDF & Email
Please follow and like us:

Close