ශ්‍රී ලංකාව සඳහා ශුද්ධ වූ දේශයේ අපෝස්තලික තානාපතිවරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා ශුද්ධ වූ දේශයේ අපෝස්තලික තානාපතිවරයා ලෙස පත් කිරීම

ශුද්ධ වූ දේශයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව ශ්‍රී ලංකාව සඳහා ශුද්ධ වූ දේශයේ අපෝස්තලික තානාපතිවරයා වශයෙන් මොන්සිඤ්ඤෝර් ධූරන්ධර අතිඋතුම් බ්‍රයන් උඩෙග්වේ හිමිපාණන් පත්කර තිබේ. මීට ප්‍රථම එම ධූරය හොබවන ලද්දේ මොන්සිඤ්ඤෝර් ධූරන්ධර අතිඋතුම් පියරේ න්ගුයෙන් වෑන් ටොට් හිමිපාණන් විසිනි.  එතුමා 2020 සැප්තැම්බර් 30 වැනි දින පෙරවරු 11.00 ට කොළඹ 01, ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සිය අක්ත පත්‍ර ප්‍රදානය කර තිබේ.

 

විදේශ අමාත්‍යාංශය

ජනරජ ගොඩනැගිල්ල‍

කොළඹ 01.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close